Contact

Name

Email *

Message *

සුලුතරේ ආන්ඩුව


මේ දවස් වල හුගක් දෙනා කතා වෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව රනිල්ව අගමැති කරවපු එකයි පාර්ලිමේන්තුවේ සුලුතර බලය තියෙන යූ එන් පී එක ආන්ඩුව පිහිටවපු එකයි ගැන. සමහරුන්ට අනූව මේක ආන්ඩුක්‍රම ව්‍යවස්තාවට අනනුකූලයි. තවත් සමහරුන්ට මේක දේශපාලන සදාචාරයට පටහැනියි.

නමුත්,

ආ.ක්‍ර. ව්‍යවස්තාවට අනූව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයකගේ විශ්වාසය ඇතැයි සිතන මන්ත්‍රී වරයාව අගමැති ලෙස පත් කරන්න ජනාධිපතිට පුලුවන්. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වැඩි පිරිසකගේ විශ්වාසය තියෙනවා කියන එක තීරනය කරන්නෙ මහ මැතිවරනයෙන් වැඩිම ආසන දිනා ගත්ත පක්ශයේ හරි සන්දානයේ හරි නායකයාට වැඩිම මන්ත්‍රී වරු පිරිසක් කැමතියි කියන පූර්ව නිගමනය මත. නමුත් ප්‍රායෝගික දේ තමයි ආ.ක්‍ර. ව්‍යවස්තාවෙ 42 (3) ට අනූව ජනාධිපතිවරයාට තමන් කැමති පුද්ගලයෙක්ව අගමැති බවට පත් කරන්න බලය තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් අගමැති වරයාගෙන් විමසලා තමන් කැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමති වරුන් ලෙස පත් කරන්නත් ඇමතිවරුන් සන්ක්‍යාව තීරනය කරන්නත් ආ.ක්‍ර. ව්‍යවස්තාවෙ 44 (1) අනූව ජනාධිපතිවරයාට බලය තියෙනවා. අගමැතිවරයා සහ ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තියෙනවද කියල බලන්නෙ නව රජය ඉදිරිපත් කරන අය වැය වාර්තාව පාර්ලිමේන්තුවේදි සම්මත වෙනවද කියන එකින්. මොකද එහෙම නැති උනොත් ආ.ක්‍ර. ව්‍යවස්තාවෙ 49 (2) අනූව අමාත්‍ය මන්ඩලය විසිරෙනවා. එහෙම උනොත් ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා නව කැබිනට් මන්ඩලයක් හා අගමැතිවරයෙක් පත් කරන්න. මෙන්න මේ හේතුව නිසා ජනාධිපතිවරු පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති අයට අගමැති කම දෙන්නෙ නැහැ. ඉතින් මේ ආන්ඩුවටත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන් හැටි ලබන 29 වෙනිදාට බලාගන්න පුලුවන් වෙයි.

තව සමහරු ෆේස්බුක් එකේ දාලා තියෙනවා මම දැක්කා අගවිනිසුරු නැතුව ජනාධිපතිවරයා කොහොමද දිවිරුම් දෙන්නෙ කියලා. ආ.ක්‍ර. ව්‍යවස්තාවෙ 32 වගන්තියෙ කියලා තියෙනවා ජනාධිපති දූරයට තෝරා පත් කර ගනු ලබන තැනැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු විනිසුරු හෝ වෙනත් විනිසුරු වරයකු ඉදිරියේ දිවිරුම් දෙන්න ඕනෙ කියලා. ඉතින් මේ පාර ශ්‍රේෂ්ඨාධිකරණයේ ජේශඨතම විනිශ්චයකාරවරයා ඉදිරියේ තමා දිවිරුම් දුන්නෙ.


කොහොම උනත් නීතියේ අරමුණ සමාජ සාධාරණත්වය ඇති කිරීම. ඉතින් දැනට පවතින නීතියට අනනුකූලව හරි සමාජ සාධාරණත්වය ඇත් වෙනවා නම් අපි කැමතියි.

Categories:

3 Responses so far.

  1. හප්පොච්චියේ මොකද මේ කාලෙකිං

  2. Dinesh says:

    දවස් 100ක් දුවන්නනේ ඉතින්.. ඔන්න ඔහේ ඔහොම ගිය දෙන්..

  3. Unknown says:

    @අටම්පහුර
    කාලෙකින් ලියන්න හම්බුනේ නෑ අයියන්ඩියේ
    කොහෙද මේ විභාග වැඩත් එක්ක වෙලාවක් නෑනෙ

    @Dinesh
    ඔව් සහෝ දවස් සීයකට හරි ඔක්කොම කට්ටිය එකතු උන එක හොදයි

Leave a Reply