tag:blogger.com,1999:blog-19102729914053298552023-11-15T23:52:48.632-08:00සබනාඑහෙන් මෙහෙන් ඇහිඳගත්ත විකාර අදහස් ගොඩක්Anonymoushttp://www.blogger.com/profile/10727988576432617433noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1910272991405329855.post-62434724573826669232015-01-27T00:52:00.001-08:002015-01-27T00:54:25.169-08:00නිර්මාංශ ප්‍රශ්ණය

හුඟක් දෙනෙක් අහනවා ඇයි මම නිර්මාංශ උනේ කියලා. සමහරු කියනවා මස් මාළු කෑවට පවු සිද්ධ වෙන්නේ නැහැ කියලා. තව සමහරු කියනවා මස් මාළු කන්න හොඳ නැහැ පවු සිද්ධ වෙනවා කියලා. තව ටික දෙනෙක් කියනවා මස් මාළු කෑම ජීවත් වෙන්න අවශ්‍යමයි, මොකද ඒකෙන් ලැබෙන පෝෂණ කොටස් ශරීරයට අත්‍යවශ්‍යයි කියල. තවත් අය කියනවා පිස්සෙක් වගේ බොරු වැඩ නොකර මස් මාළු කාපන් බන් කියලා....ඔන්න ඔහොම එක එක අය එක එක දේවල් කියද්දී මට හිතුනා ඇයි මම මස් කන එක නැවැත්තුවේ කියල කියන්න.

මම මස් මාළු කන්නේ නැත්තේ මගේ රසවින්දනය සඳහා තව කෙනෙක්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරන්න ඕනේ නැහැ කියල හිතුනු නිසා. මම හුඟක් මස් මාළු කාපු කෙනෙක්. වෙල් මාළු දඩ මස් වගේ දේවල් ගොඩක් කාපු කෙනෙක්. මාළු අල්ලනවා සත්තු මරනවා එහෙම බලන් ඉදපු කෙනෙක්. දවස් කිහිපයක් වෙල් මාළු අල්ලන්නත් ගියා. ඉතින් මට මොකද එක පාරටම හිතුනේ වෙජිටේරියන් වෙන්න. මම වෙජිටේරියන් උනේ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ ජීවිතය පුජා කරපු දවසේ. හුගක් අය ඒ සිද්ධිය ගැන එක එක විදිහට කතා කලාට මට නම් හිතුනේ වෙනම දෙයක්. මේ ලෝකේ මිනිස්සු තමන්ගේ දියුණුව වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. අනුන් වෙනුවෙන් යම් කැප කිරීමක් කරන්නේ බොහොම සුළු පිරිසක්. එයිනුත් සමහරක් යටි අරමුණු තියාගෙන. ඉතින් මට නම් මේ අහිංසක සත්තුන්ගේ ජීවිත වෙනුවෙන් ජීවිතේ දුන්නු ඉන්ද්‍රරතන හාමුදුරුවන්ව පෙනුනේ වීරයෙක් වගේ. මම කල්පනා කළා ඇයි මේ හාමුදුරුවෝ හරක් මරන්න එපා කියලා ජිවිතේ පුජා කලේ. මොකද්ද මේ හරකගෙ තියෙන ඔච්චර වටිනාකම. ඔහොම කල්පනා කරගෙන යනකොට මට හිතුනා ඇයි අපි හරක් මරන්නේ කියලා. අපි හරක් මරන්නේ අපේ ආහාරයට. අපිට කන්න ඕන තරම් කෑම තියෙද්දී. ඔන්න ඔතනදි තමයි මට හිතුනේ මගේ ජීවිතේ පවත්වාගෙන යන්න මම ආයේ තව කෙනෙක්ගේ ජීවිතේ නැති කරන්න දායක වෙන්නේ නැහැ කියලා.

සමහරු කියනවා මස් කෑවට පවු සිද්ද වෙන්නේ නැහැ කියලා. බුදු හාමුදුරුවොත් මස් වැළඳුවා කියලා. එහෙම එකේ අපි මස් කෑවම මොකද කියලා. අපි ඔය පින පව කියන කතන්දරේ අයින් කරලා දාමුකෝ. අපි හැමෝටම තේරෙන බාසාවෙන් කිව්වොත් සත්තු මරනකොට සත්තුන්ට වේදනාවක් දැනෙනවා කියන එක හැමෝම පිළිගන්නවනේ. සත්තුත් මරණයට බයයි කියන එකත් පිළිගන්නවනේ. මම දන්නා තරමින් අපේ රටේ ආහාරය සඳහා සර්පයෝ මරන්නේ නැහැ. නමුත් එහෙම
ආහාරය සඳහා සර්පයෝ ගන්න රටවල් තියෙනවා. එතකොට ඒ රටවල් වල ඉන්න සර්පයෝන්ගේ
ජිවිත නැති වෙන්නයි අපේ රටේ ඉන්න සර්පයෝන්ගේ ජීවිතේ ඉතුරු වෙන්නයි
ප්‍රධානතම හේතුව සර්පයන් ආහාරයට ගැනීම කියන සාධකය.හරි ඔන්න දැන් තමයි ප්‍රශ්නේ. හුගක් අයට හිතෙන දෙයක් තමයි "මම නොකෑවා කියලා සත්තු මැරෙන එක නවතින්නේ නැහැනේ" කියන එක. ඔයා හිතන්නකෝ මිනිස්සු 4 දෙනෙක් ඉන්න පවුලක් ඉන්නවා. ඒ පවුලේ අය සතියකට කුකුල්ලු 4 දෙනෙක් මරනවා ආහාරය වෙනුවෙන්. ඔහොම ටික කාලයක් යනකොට එක මනුස්සයෙක් නිර්මාංශ වෙනවා. එදා ඉදලා ඒ පවුල සතියකට ගේන්නේ කුකුල්ලු 3 දෙනයි. එතකොට අර එක මනුස්සයෙක් වෙජිටේරියන් උන නිසා සතියකට කුකුලෙක්ට අභයදානය ලැබෙනවා. ඔන්න ඔය වගේ තමා. අපි එක එක්කෙනා හරි නිර්මාංශ උනොත් ඒක තවත් සතෙක්ට ජීවිත දානය ලැබෙන්න හේතුවක් වෙනවා.

ඉතින් අනිත් මිනිස්සු හැදෙනකන් ඉන්නේ නැතුව අපි හැදෙමු. මේ රටේ ඕන තරම් ගහ කොළ තියෙනවා. අපිට මස් මාංශ නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. එකට හොදම උදාහරණය තමයි මරදන්කඩවල යකඩයා. ඒ සියට රේල් පිලි නවන්න ශක්තිය ලැබිලා තියෙන්නේ මස මාළු කාල නෙවෙයි. ඒ සියා ජීවිතේටම මස් මාළු කාලා නෑ. සත්තුන්ව මරණින් නිදහස් කරගන්න ඕනේ කම තියෙනවා නම් කරන්න ඕනේ සල්ලි වියදම් කරලා හරක් නිදහස් කරන එක නෙවෙයි නිර්මාංශ වෙන එක. මුලින් මුලින් ටිකක් අමාරු වෙයි. නමුත් ටික කාලයක් යනකොට සතුටු හිතෙයි මම මේ කාලේ ඇතුලත මගේ රසවින්දනයට කියලා සත්තුන්ගේ ජිවිතේ නැති කරන්න දායක වෙලා නැහැනේ කියලා. මට උනත් තවමත් මස් මාලු වල සුවද එනකොට කටට කෙල උනනවා. එත් අර සතුට නිසා ඒ ආශාව යටපත් වෙනවා.

කොහොම උනත් නායකයෙක්ගේ මුලිකම වගකීම තමන්ගේ යටත් පිරිසෙහි ජීවිතය ආරක්ෂා කර දීම. මේ ලෝකේ නායකයෝ අපි. අපිට තරම් හිතීමේ ශක්තියක් කාටවත් නැහැ. මිනිස්සු වෙච්ච අපිට තේරෙන්නේ නැත්නම් අපි නිසා සත්තු මැරෙනවා කියලා. ජිවිතේ ගැටගහගන්න මිනිහෙක්ගේ ලේ උරා බොන මදුරුවෙක්ගේ ජිවිතේ චප්ප කරලා විනාස කරන්න කාටවත්ම අයිතියක් නැහැ. ඉතින් හිතලා බලන්නකෝ අපි කරන මේ වැඩේ හරිද කියලා.

අම්මගෙන් කුණු බැනුම් අසමින් පාඩම් කරන වෙලාවේ අද පිටපත ලිව්වේ කලින් එකාම තමයි.
මිස්ටර් සබන් බෝලෙ

Anonymoushttp://www.blogger.com/profile/10727988576432617433noreply@blogger.com7tag:blogger.com,1999:blog-1910272991405329855.post-8487095702945821112015-01-26T01:18:00.000-08:002015-01-26T20:27:37.748-08:00සුලුතරේ ආන්ඩුව

මේ දවස් වල හුගක් දෙනා කතා වෙනවා පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතුව රනිල්ව අගමැති කරවපු එකයි පාර්ලිමේන්තුවේ සුලුතර බලය තියෙන යූ එන් පී එක ආන්ඩුව පිහිටවපු එකයි ගැන. සමහරුන්ට අනූව මේක ආන්ඩුක්රම ව්‍යවස්තාවට අනනුකූලයි. තවත් සමහරුන්ට මේක දේශපාලන සදාචාරයට පටහැනියි.

නමුත්,

ආ.ක්ර. ව්‍යවස්තාවට අනූව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බහුතරයකගේ විශ්වාසය ඇතැයි සිතන මන්ත්‍රී වරයාව අගමැති ලෙස පත් කරන්න ජනාධිපතිට පුලුවන්. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වැඩි පිරිසකගේ විශ්වාසය තියෙනවා කියන එක තීරනය කරන්නෙ මහ මැතිවරනයෙන් වැඩිම ආසන දිනා ගත්ත පක්ශයේ හරි සන්දානයේ හරි නායකයාට වැඩිම මන්ත්‍රී වරු පිරිසක් කැමතියි කියන පූර්ව නිගමනය මත. නමුත් ප්‍රායෝගික දේ තමයි ආ.ක්ර. ව්යවස්තාවෙ 42 (3) ට අනූව ජනාධිපතිවරයාට තමන් කැමති පුද්ගලයෙක්ව අගමැති බවට පත් කරන්න බලය තියෙනවා. ඒ වගේම අවශ්‍ය නම් අගමැති වරයාගෙන් විමසලා තමන් කැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇමති වරුන් ලෙස පත් කරන්නත් ඇමතිවරුන් සන්ක්යාව තීරනය කරන්නත් ආ.ක්ර. ව්යවස්තාවෙ 44 (1) අනූව ජනාධිපතිවරයාට බලය තියෙනවා. අගමැතිවරයා සහ ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තියෙනවද කියල බලන්නෙ නව රජය ඉදිරිපත් කරන අය වැය වාර්තාව පාර්ලිමේන්තුවේදි සම්මත වෙනවද කියන එකින්. මොකද එහෙම නැති උනොත් ආ.ක්ර. ව්යවස්තාවෙ 49 (2) අනූව අමාත්‍ය මන්ඩලය විසිරෙනවා. එහෙම උනොත් ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා නව කැබිනට් මන්ඩලයක් හා අගමැතිවරයෙක් පත් කරන්න. මෙන්න මේ හේතුව නිසා ජනාධිපතිවරු පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති අයට අගමැති කම දෙන්නෙ නැහැ. ඉතින් මේ ආන්ඩුවටත් පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන් හැටි ලබන 29 වෙනිදාට බලාගන්න පුලුවන් වෙයි.

තව සමහරු ෆේස්බුක් එකේ දාලා තියෙනවා මම දැක්කා අගවිනිසුරු නැතුව ජනාධිපතිවරයා කොහොමද දිවිරුම් දෙන්නෙ කියලා. ආ.ක්ර. ව්යවස්තාවෙ 32 වගන්තියෙ කියලා තියෙනවා ජනාධිපති දූරයට තෝරා පත් කර ගනු ලබන තැනැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු විනිසුරු හෝ වෙනත් විනිසුරු වරයකු ඉදිරියේ දිවිරුම් දෙන්න ඕනෙ කියලා. ඉතින් මේ පාර ශ්‍රේෂ්ඨාධිකරණයේ ජේශඨතම විනිශ්චයකාරවරයා ඉදිරියේ තමා දිවිරුම් දුන්නෙ.

කොහොම උනත් නීතියේ අරමුණ සමාජ සාධාරණත්වය ඇති කිරීම. ඉතින් දැනට පවතින නීතියට අනනුකූලව හරි සමාජ සාධාරණත්වය ඇත් වෙනවා නම් අපි කැමතියි.

Anonymoushttp://www.blogger.com/profile/10727988576432617433noreply@blogger.com3tag:blogger.com,1999:blog-1910272991405329855.post-41083644682001495722014-08-26T09:58:00.000-07:002014-08-26T09:59:01.370-07:00අයිස් බකට්ටුවෙන් නා ගැනීම

ALS Ice bucket challenge එක මේ දවස් වල ලෝකේ පුරාම ජනප්‍රිය සෙල්ලමක්.කොහොම උනත් ලෝකෙම ඉන්න මිනිස්සු එකම හේතුවක් නිසා නා ගන්නවා.මේ අතරෙ තවත් කට්ටියක් අනා ගන්නවා.බිල් ගේට්ස්ගේ ඉදලා ගෙදරට හොරෙන් ෆෝන් එකෙන් ෆේස්බුක් එන ඉස්කොලෙ යන දරුවාගේ ඉදන් මේ සෙල්ලම කරනවා.ලංකාවෙත් හුගක් ජනප්‍රිය අය මේක කළා.හුගක් මීඩියා වලින් මේක මාර්කට් කළා.කොහොම උනත් මේකට බනින අයත් ඉන්නවා.පිට රටවල් ගැන නම් මම දන්නේ නැහැ එත් ලංකාවෙත් මේකට කැමති අය වගේම අකමැති අයත් ඉන්නවා.ඉතින් මේ හදන්නේ මේ අයිස් බකට් කතන්දරේ සබනගේ බාසාවෙන් කියන්න.

කොහොමත් මිනිස්සු කැමතියිනේ සතුටින් ඉන්න.මිනිස් ජීවිතේ ගොඩක් වෙලාවට එක එක දේවල් කරලා මිනිස්සු සතුටු වෙනවා.එක එක කාල වලට එක එක දේවල් එනවා.මේ කාලේ ආපු දේ තමා අයිස් බකට් එක.මුලින්ම අපි මේකේ ඉතිහාසය පොඩ්ඩක් දැනගමු.අයිස් බකට් චැලේන්ජ් එක කියන්නේ ඇමරිකාවේ තියෙන ALS කියන සංවිධානයේ අරමුදල් එක් රැස් කරන්න හදපු වැඩ පිළිවෙලක්.මේ සංවිධානේ සල්ලි යන්නේ ලෝකයේම සිටින නියුරෝන රෝගීන් වෙනුවෙන් පිහිටවපු අරමුදලකට.මේ අයිස් බකට් කියන සංකල්පය ලෝකෙට ඉදිරිපත් කලේ Corey Griffin කියලා කෙනෙක්.ඉතින් කවුරු හරි  කෙනෙක්ට අයිස් බකට් චැලේන්ජ් එක ආවොත් එයාට සිද්ධ වෙනවා පැය 24ක් ඇතුලත අයිස් වතුර තියෙන එහෙමත් නැත්නම් සීතල වතුර තියෙන වතුර බාල්දියක් ඇඟට හලාගන්න වීඩියෝ එකක් ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරන්න.ඊට පස්සේ ඩොලර් 10ක් ALS අරමුදලට දාන්න සහ තව තුන් දෙනෙක්ට මේ අභියෝගය භාර දෙන්න එයාට පුළුවන්.එහෙම කරන්න බැරි උනොත් එයාට සිද්ධ වෙනවා ඩොලර් 100ක් ALS අරමුදලට දාන්න.ඔන්න ඕකයි කතන්දරේ

ඉතින් මේ වැඩේ ලංකාවේ බොහොම ජනප්‍රිය අය කළා.භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්,ඔටාරා ගුණවර්ධන,මල්ෂා කුමාරණතුංග,හිරුනිකා ප්‍රේමචන්ද්‍ර,චතුර අල්විස්,මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර ඔන්න ඔය වගේ සෑහෙන්න පිරිසක් කළා.ඔය අයගේ අවෑමෙන් අන්තර්ජාලය පාවිච්චි කරන තරුණ තරුනියොත් මේක කළා.කට්ටියම හොදට නාගත්තා වගේම ALS අරමුදලට සල්ලිත් දැම්මා නම් තමා හොද.

හරි කොහොම උනත් හුගක් කට්ටිය මේකට බනිනවනෙ.මම මේක ලියන්නත් හේතුව ඒකම තමා.ඉතින් ඔන්න පටන් ගමු වැඩේ.ඇයි කට්ටිය මේකට බනින්නේ?

පලවෙනි කාරණේ කට්ටියක් කියනවා ගොන්නු වගේ පිට රට වලින් එන හැම දෙයක්ම අනුකරණය කරනවා කියලා.මම පුංචි දෙයක් අහන්න කැමතියි ඒ අයගෙන්.අනේ මම දන්නේ නැති නිසයි අහන්නේ ඔයාලා කාවවත් අනුකරණය නොකර කරපු එක දෙයක් මට කියන්න.එහෙම දේවල් නැහැ.සමහර විට බොහොම කලාතුරකින් එකක් දෙකක් තියෙන්න පුළුවන්.අපි ඉපදිච්ච දවසේ ඉදලා කලේ අනුකරණය කරපු එක.පුංචි කාලේ ඉදලම අපි අම්මව තාත්තව අනුකරණය කළා.අපේ අම්මලා තාත්තලා අතින් කන නිසා තමයි අපිත් අතින් කන්න පුරුදු උනේ.බටගිර ළමයිගේ අම්මලා තාත්තලා හැඳි ගෑරුප්පු වලින් කාපු නිසා තමා එයාලා ඒවා පාවිච්චි කරන්නේ කෑම කන්න.හිතලා බලන්න අපේ මිනිස්සු කලිසම් ඇන්දද?අපි පිට රටක් අනුකරණය කරලා කලිසමක් ඇඳගෙන කියනවා පිට රටවල් අනුකරණය කරන්න එපාලු.ලැජ්ජයි නේ?මේ ගැන මම දිගටම කතා කරන්නේ නැහැ.මම මුලින් ඇහුව ප්‍රශ්නේ ඔයාලා කල්පනා කරන්නකෝ එතකොට අනුකරණය කියන එක කොච්චර දුරට මේ ලෝකේ වෙනවද කියන එක තේරේවි.ඔයාලා කාවවත් අනුකරණය නොකර කරපු දේවල් මොනවද?

මම නම් හිතන්නේ හොඳ දේවල් අනුකරණය කිරීම ප්‍රශ්නයක් නැහැ.නරක දෙයක් අනුකරණය කලොත් තමා සමාජයටත් තමන්ටත් ප්‍රශ්නයක් වෙන්නේ.ඉතින් මේ ALS Ice bucket challenge එකේ කිසිම නරකක් මට නම් පේන්නේ නැහැ.

දෙවෙනි කාරණය සමහර අය කියන්නේ අයිස් වතුර නෑම අභියෝගයක් වන්නේ සීත රටවලට කියලා සමකය ආසන්න ලංකාව වැනි උෂ්ණත්වය වැඩි රටවල් වලට අයිස් වතුර නෑම සනීපයක් කියලා.ඉතින් බලන්නකෝ සීතල රටවල අය සමාජ සත්කාරයකට සල්ලි එකතු කරන්න අභියෝග භාර දෙනවා.ලංකාවේ මිනිස්සු කිසිම අභියෝගයක් නැතුවම සමාජ සත්කාරේට උදවු වෙලා.(ඉතින් මේ කියන්නේ සීතල වතුරෙන් නෑවා වගේම ALS එකට සල්ලි දාපු ඇය ගැන.) ඒ අතින් බලනකොට ලංකාවේ මිනිස්සු පිට රට අයට වඩා පරිත්යාගශීලීනේ.සල්ලි නොදා නාපු අයත් අඩුම තරමේ මේ සමාජ සත්කාරයට අනිත් අයගේ අවධානය දිනා ගන්න හරි උදවුවක් උනානේ.

අනිත් කාරණේ මේක තමයි හොදම එක. ALS Ice bucket challenge එකට බනින තව හේතුවක් තමයි.ලංකාවේ නියගයෙන් පීඩා විදින අය ඉදිද්දී,රජරට වකුගඩු රෝගීන් ඉදිද්දී කට්ටිය අයිස් වතුර නානවා කියලා.දැන් ඉතින් ඔහොම කියන හුගක් අයට රජරට වකුගඩු රෝගීන් ටිකයි,අනුරාධපුරේ නියගෙන් පීඩා විදින අයයි මතක් උනේ ALS Ice bucket challenge එකෙන් පස්සේ කියන එක තමයි දුක.ඔච්චරටම කියවන අය රජරට, අනුරාධපුරේ අපේ මිනිස්සුන්ට කලේ මොනවද දන්නේ නැහැ.අපි හැමෝම අහලා තියෙන කතාවක් තමයි "බුරන බල්ලා හපා නොකයි" කියලා.ඒ වගේ තමයි හුගක් කියවන අයගේ වැඩ නෑ.සද්දේ විතරයි.හැමදේටම විරුද්ධවෙන හැමදේටම බෑ කියන කට්ටිය මේකටත් උම්බෑ කියලා.එච්චරයි මට නම් හිතෙන්නේ.

කොහොම උනත් ලංකාවේ අයට යමක් කරනවා නම් ඒක පිට රටක අයට කරනවට වඩා වටිනවා තමයි.ඒ නිසා තමයි තිස් වසරක් තිබුණු යුද්දෙන් අපිව බේරගත්ත ඒ වෙනුවෙන් තමන්ගේ ඇස්,ඉස්,මස්,ලේ කැප කරපු ආබාධිත රණවිරුවන් වෙනුවෙන් රණවිරු සෙවනේ පවත්වන්නට සුදානම් වෙන වැඩ සටහනට අරමුදල් එකතු කරගන්න We Are O2 කට්ටිය මේ දවස්වල අයිස් බකට් නාන්නේ ඒ වගේම උතුරු ප්‍රදේශයේ වැසියන්ගේ හර්ද රෝග පරික්ෂා කිරීමට උපකරණයක් පරිත්‍යාග කරන්න කොච්චි මිරිස් චැලේන්ජ් එක කරනවා.මේ ලංකාවේ අය අපේ රටේ මිනිස්සුන්ට උදවු කරන්න මේ සංකල්පය යොදා ගත්ත හැටි.

මේ වගේම ඉන්දියාවේ මේ දවස් වල Rice Bucket Challenge එක කරනවා.ඉන්දියාව කියන්නේ දුප්පත් මිනිස්සුන්ගෙන් පිරුණු රටක්නේ ඉතින් ඒ රටේ මිනිස්සු තමන්ට පුළුවන් හැටියට බත් හෝ හාල් භාජනයක් දුප්පත් මිනිස්සුන්ට දීලා එකේ ෆොටෝ එකක් ඉන්ටර්නෙට් එකට දානවා.ඊට පස්සේ එයා අභියෝගය බාර දෙන අයත් ඒකම කරනවා.තව ගාසා තීරය පැත්තේ මේ දවස්වල යුද්දේ. ඉතින් පලස්තීන වැසියෝ කරන්නේ යුද්දේ මෝටාර් වලින් කුඩු උන පස් ගල් වගේ සුන් බුන් එකතු කරලා බාල්දියකට දාලා ඒක කොච්චර අනිත් අයට දැනෙනවද කියල පෙන්නන්න ඇඟට හලා ගන්නවලු.මේ විදියට පලස්තීනේ අය යුද්ධයේ වේදනාව පෙන්නන්න අයිස් බකට් චැලේන්ජ් එක කරනවා.

ඉතින් ලෝකේ එක එක රටවල ඇය එක එක විදියට මේ අභියෝගය කරනවා.ලංකාවෙත් එහෙමයි කියලා දැන් ඔයාලා දන්නවා.භාතිය සන්තුශ් ලා කුෂාන් ශ්‍රීමාල් ලා මේ හැම කෙනෙක්ම මේ අයිස් බකට් චැලේන්ජ් එක භාර ගත්තේ ලොකු ආදර්ශයක් රටට දීලා.ඉතින් මේකට බැන බැන හිටපු අනිත් අයටත් කියන්න තියෙන්නේ හැම එකටම කෑ ගහන්නේ නැතුව වැරද්දක් තියෙනවනම් හදාගෙන හොඳ දෙකට එකතු වෙමුද?එහෙම උනොත් කියවනවට වඩා යමක් තමන් ලෝකෙට කළා කියලා සතුටක් ලැබෙයි.

අද පිටපත මිස්ටර් සබන් බෝලෙ ගෙන්

Anonymoushttp://www.blogger.com/profile/10727988576432617433noreply@blogger.com2tag:blogger.com,1999:blog-1910272991405329855.post-57159652450403129182014-07-10T11:32:00.001-07:002014-07-12T04:26:26.521-07:00ලංකාවේ අපේ පොලිසිය

මහජන සාමය හා ආරක්ෂාව සහතික කරලීමෙහිලා පොලිසිය ඉටු කරන සේවය අති මහත්ය.ඒ හේතුව නිසා ශ්‍රී ලාංකියයන් බොහෝ දෙනා පොලිසියට දක්වන්නේ විශාල ගෞරවයකි.නමුත් මෑත කාලීනව සිදු වූ සිදුවීම් නිසා පොලිසිය සාමාන්‍ය ජන සමාජයේ තිබු ගෞරවය තමන් විසින්ම නැති කරගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ.

පොලිසිය වූ කලී බොහෝ ස්වාධීන විය යුතු ආයතනයකි.ඒ මන්ද යත් ත්‍රිවිධ හමුදාවන්ට වඩා සාමය හා ආරක්ෂාව සහතික කරලීමේදී පොලිසිය මහජනයා සමග සමීපව කටයුතු කරයි.එම නිසා පොලිසිය ස්වාධීන නොවුන හොත් සාමාන්‍ය ජනයාට සාධාරණය සහ යුක්තිය ඉටු නොවේ.ලෝකයේ බොහෝ පොලිසි අතර ලංකාවේ පොලිසියට ඇති විශාලතම විවේචනය මෙය වෙයි.ලංකාවේ පොලිසිය බොහෝ විට උස් තැන් දැක හැකිලෙන බව කවුරුත් දනිති.ඒ කුමක් නිසා දැයි කිසිවෙකු නොදනී.අභිමානයකින් යුතුව නීතියට ගෞරව කරමින් කටයුතු කිරීම පොලිස් නිලධාරියෙකු තුලින් බලාපොරොත්තු වුනද අද බොහෝ නිලධාරින් තම වෘතිය ගෞරවය පසෙකලා විවිධ ධනවතුන්,බලවතුන්ගේ අතකොලු බවට පත්ව තිබේ.මුදලට බලයට කෑදරව තමන් විසින් සිදු කරන කාර්යයන් නිසා විනාශ වන්නේ තම වෘතිය ගෞරවය බව ඔවුන් කිසි දිනෙක නොසිතනවා ඇත.

ලංකාවේ ප්‍රාදේශීය මට්ටමෙන් වන බොහෝ දුරාචාර වලට පොලිසියේ සහය ලැබෙන බව බොහෝ දෙනෙකු දනිති.එම හේතුව නිසාම ප්‍රාදේශීය දේශපාලකයින් විවිධ අපරාධ දුෂණ සිදු කරන්නන් නීති විරෝධී කටයුතු වල නියැලෙන්නන් පොලිස් නිලධාරින් මතත් පොලිස් නිලධාරීන් ඔවුන් මතත් යැපෙමින් කටයුතු කරන බව බොහෝ දෙනෙක් දනී.මෙම අර්බුධය පිලිබඳ සලකා බැලීමේදී මෙවැනි අවස්තාවලදී පොලිස් නිලධාරීන් අසරණ වන බව අපි දනිමු.ප්‍රාදේශීය බලවතුන්ගේ අවශ්‍යතා ඉටු නොකරන්නන් හට උරුම වන්නේ දුෂ්කර ප්‍රදේශ වලට මාරු වීම් බවට ලංකා ඉතිහාසයේ ඕනා තරම් සාක්ෂි තිබේ.එම නිසා සිය අඹු දරුවන් ගැන සිතා බලවතුන්ගේ සිතැඟි ඉටු කරලීමට බොහෝ පොලිස් නිලධාරීන් පෙළඹෙති.මෙය පොලිස් සේවයට පමණක් සීමා නොවූ සමාජ යතාර්තයකි.නමුත් ඕනෑම වෘතියක කටයුතු කිරීමේදී අනෙක් සියලුම බලපෑම් වලට වඩා තමන්ගේ හර්ද සාක්ෂිය තුලින් සිදු කරන බලපෑමට සවන් දීම අප බලාපොරොත්තු වන්නෙමු.එසේත් නොමැති නම් තම වගකීම් අතහැර පොලිස් සේවයෙන් ඉවත් වීය යුතුය.

අනෙක් ගැටලුව වන්නේ අල්ලස් හා දුෂණය යන කාරණයයි.ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව මෙම අංශය තුලදී ඉහලින්ම සිටින බව කොයි කවුරුත් දනිති.බොහෝ විට රිය පාලක පොලිස් නිලධාරින් විසින් සාමාන්‍ය ජනතාවගෙන් ලබා ගන්නා අල්ලස සමාජයේ අවඥාවට ලක් වී අවසානය.නිල තල භේදයකින් තොරව විවිධ මට්ටම් වල සිටිනා පොලිස් නිලධාරින් තමන්ට හිමි බලයට සමානුපාතිකව ලබා ගන්නා අල්ලස තීරණය කරනු ඇත.පහල පොලිස් නිලධාරීන් සාමාන්‍ය ජනතාවගෙන් අල්ලස ලබා ගන්නා විට ඉහල නිලධාරීන් දේශපාලකයින්,ව්‍යාපාරිකයින් වැනි සමාජයේ ධනවතුන්ගේ සන්තෝසම්,ආධාර මුදල්,වරදාන,වරප්‍රසාද ඉදිරියේ තම වෘතීය ගෞරවය නැමති සළුව ලිහා නිරුවත් වෙන්නේ කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නොමැතිවය.වර්තමානය වන විට අල්ලස ලබා ගැනීමට එහා ගොස් අල්ලස මංකොල්ලා කෑම දක්වා දුර දිග ගොස් ඇත.මන්ද යත් දැන් වන විට රිය පාලක පොලිස් නිලධාරියෙකුට යම් කිසි මුදලක් ලබා දී ප්රශ්නය ගොඩින් විසදා නොගත හොත් වරදට නියමිත දඩය දෙගුණ වෙයි.සමහර විට අධිකරණට වාර්තාකර රස්තියාදු වීමටද සිදු වෙයි.පොදු ප්‍රවාහන සේවයක් වශයෙන් පෞද්ගලික බස් රථ වල ගමන් ගන්නා පොලිස් නිලධාරීන් ඒ සඳහා ගෙවිය යුතු මුදල ගෙවා ටිකට් පතක් ලබා ගැනීමට තියා ඔවුන්ට එවැනි හැගීමක් වත් පහල වන්නේ නැති තරම්ය.මෙම අල්ලස් ක්‍රමය සෑම අංශයකටම විහිදී පවතී.එයට හොඳම නිදසුන වන්නේ “පොලිස් කොත්තුවයි”.ආපන ශාලා වලින් රාත්‍රී ආහාරය පිනට ලබා ගැනීමට එන පොලිස් නිලධාරීන් හට ලබා දෙන කොත්තුව “පොලිස් කොත්තුවයි”.අනෙක් පාරිභෝගිකයන් ආහාරයට ගෙන තමන්ගේ පිගන් වල ඉතිරු කරනා කොත්තු කොටස් එක් කර හොදි දමා රත් කර ලබා දෙන පොලිස් කොත්තුව පොලිස් නිලධාරින් තලු මරන්නේ මේ කිසිවක් නොදැනය.මෙමගින් පෙනී යන්නේ පොලිස් නිලධාරීන්ගේ මේ ක්‍රියාව කොතරම් දුරට ආපන ශාලා හිමියන්ට කරදරයක් වී ඇත්ද යන්නයි.නීතිය රකින්නට එන මෙවැනි නිලධාරීන් පිලිබඳ අපට සිතෙන්නේ අඩුම තරමින් නීතිය තියා “ආයතනික සංග්‍රහය” වත් හරි හැටි කියවා නොතිබෙන බවක්ය.

පොලිසිය සිය බලය අයුතු ලෙස භාවිතා කිරීම අපද බොහෝ අවස්ථාවල අත් විඳ ඇති කාරණයකි.සමහර පුද්ගලයින් පොලිස් සේවයට පත් වූ විට සිතන්නේ ඔවුන් ලයිසන් ඇති චන්ඩියන් කියාය.නමුත් සාමාන්‍ය වැසියෙකුට වඩා ඔවුන් කොතෙක් දුරට නීතිගරුක විය යුතුද කියා ඔවුන් තරයේ සිහියේ තබා ගත යුතුය.මෑත කාලයේදී බලය අයුතු ලෙස භාවිතා කල සිද්ධීන් වාර්තා වූ ප්‍රමාණය අති විශාලය.ඒ අතර D.I.G. වාස් ගුණසේකරගේ සිද්ධිය ප්‍රධානය.ඔහු සිය බලය කුලියට මිනී මැරීම සඳහා යොදාගෙන තිබිණි.එම කටයුත්තට තමන් යටතේ සිටි අනෙක් පොලිස් නිලධාරීන්ද සහභාගී කරගෙන තිබිණි.තවත් සිද්ධියක් වන්නේ මෑතකදී පොලිස් නිලධාරියෙකු සිය රිවොල්වරයෙන් වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමයි.එම සිද්ධිය පිලිබඳ වීඩියෝව අප මාධ්‍ය තුලින් නැරඹුවෙමු.ආයුධ පෙන්නන්නට ගොස් පොලිසියට වෙඩි තැබීමට උත්සහා කිරීමේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත් වීමට සිදු වීම වර්තමානය වන විට වරදකරුවන් වීමට ඉන්නා පුද්ගලයන්ට අත් වන අඳුරු ඉරණමයි. තවද පොලිස් අත්අඩංගුවේදී පහර කෑම් වලට ලක් වූ අය ඕනා තරම් සිටී.වර්තමානය වන විට තරුණ තරුණියන්ට ප්‍රසිද්ධ ස්ථාන වල ගැවසීමට නොහැක.ඔවුන්ව පොලිසියට ගෙන ගොස් දෙමවුපියන් ගේනවා දැඩි ලෙස අවවාද කරමින් අසරණභාවයට ලක් කිරීමෙන් සමහර පොලිස් නිලධාරීන් කාලකන්නි සතුටක් ලබති.කුමන බලයක් යටතේ පොලිසිය මෙවැනි කටයුතු කරනවා දැයි නොදනිමු.සමහර පොලිස් නිලධාරීන්ගේ අත්තනෝමතික වැඩ නිසා තමන්ට රාජකාරිය එපා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා මෑතකදී ප්‍රකාශ කළා මතකය.බොරු හේතු ඉදිරිපත් කරමින් අධිකරණය ඉදිරියේ නඩු පවරමින් අහිංසකයින් වැරදි කරුවන් කරන්නට එපා යැයි අධිකරණය විසින් පොලිසියට මෑතකදී අවවාද කළා මතකය.තවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් යුධ පෙන්නන්නට යන අපරාධ කරුවන්ට අත්වන ඉරණම ගැන පොලිසියෙන් විමසුවා මතකය.මේවා සිහිවන විට තව දුරටත් පොලිසිය සිය බලයට මුවා වී සිදු කරනා මේ නීති විරෝදී ක්‍රියාවන් නිසා ජනතාව ඉදිරියේ ශ්‍රී ලංකා පොලිසිය විහිළුවක් වී ඇති බවට සාක්ෂි සපයන බව සිතේ.

මේවා පොලිසිය සිය බලය අයුතු ලෙස භාවිතා කරනවා යන්නට උදාහරණයන්ය.තවත් බොහෝ උදාහරණ අපිට සොයා ගත හැක.සමාජයේ පැතිරී තිබෙන මතය වන්නේ පොලිසිය සිය රාජකාරිය ඉටු කරලීමේදී දුප්පත් පොහොසත්,බලය ඇති සහ බලය නැති ලෙස සමාජයේ ඉහල හා පහල පන්ති දෙකට ආකාර දෙකකට සලකන බවය.සුපොඛභෝගී වාහන වල සංසරණය වන අවි ආයුධ මත්ද්‍රව්‍ය ගණිකාවන් වැනි දා පරික්ෂා කර අත් අඩංගුවට ගැනීමට තරම් සමහර පොලිස් නිලධාරීන්ට පෞර්ෂයක් නැත.ඔවුන් තමන්ගේ බලය පෙන්නන්නේ ග්‍රාමීය මට්ටමේ අහිංසක ජනතාවට පමණි.බොහෝ නිලධාරීන් තම ටාර්ගට් කවර කර ගැනීමට අහිංසකයින් මත නැති නඩු පවරයි.එකී මෙකී නොකී කොතෙක් වැරදි තිබුනද ලාංකීය ජනතාව බලාපොරොත්තු වන්නේ නීතිගරුක පොලිස් සේවයකි.එවැනි පොලිස් සේවයක් ඇති කරලීමට නම් කල යුත්තේ ලක්ෂ ගණන් වටිනා යතුරු පැදි බෙදා දීම හෝ වැරදි කරනා පොලිස් නිලධාරීන් ජනතාව ඉදිරියේ සුදු හුණු ගෑම හෝ නොවේ.ස්වාධීන් පොලිස් කොමිෂන් සභාවක් පිහිටුවීමෙන් පොලිස් සේවයේ පත් කිරීම,උසස් කිරීම විනය පරීක්ෂණ සහ ඉවත් කිරීම ස්වාධීන ලෙස සිදු කල යුතුය.සුදුසුකම් සපුරා ඇති නිලධාරීන්ට පමණක් උසස්වීම් ලබා දිය යුතුය.මෙවැනි කරුණු කෙරෙහි දේශපාලන ඇඟිලි ගැසීම් නැති කල යුතුය.තවද ලංකාවේ පොලිස් නිලධාරීන්ගෙන් සැලකිය යුතු පිරිසක් කිලෝමීටරයක්වත් එක දිගට දිව යාමට හැකි තරම් ශරීර යෝග්‍යතාවයකින් යුතු පුද්ගලයින් නොවේ.මෙවැනි තත්වයක් තුලදී පොලිසිය විසින් අපරාධකරුවන් පසුපස ලුහුබැද ගොස් ඔවුන් හා සටන් කොට අපරාධ කරුවන් අත් අඩංගුවට ගැනීමක් ජනතාව පොලිසියෙන් කෙසේ බලාපොරාත්තු වන්නද?පොලිස් නිලධාරීන්ට යතුරුපැදි ලබා දුන් දින සිට මේ වනතෙක් යතුරුපැදි වලින් හඹා ගොස් අපරාධකරුවන් අත්අඩංගුවට ගත් බවක් නම් අපි කිසි දිනක අසා නැත.එවැනි තත්වයක් තුල පොලිස් නිලධාරීන්ට ලක්ෂ 30ක් වටිනා අශ්ව බල 600යේ යතුරුපැදි ලබා දෙන්නේ කුමන අරමුණකින්ද යන්න ප්‍රශ්නයට නැගේ.එම මුදල් වලින් පොලිස් සේවයේ දියුණුවට ඉටු කිරීමට තිබු වෙනත් සාධනීය පියවර නොතිබුණේද?මෙවැනි පල රහිත ක්‍රියා වලින් විනාශ වන්නේ මහජන මුදල් බැවින් ඔබේ අනාගත දු දරුවන් ගැන සිතා හෝ මෙවැනි අමන තීරණ නොගන්න යැයි අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලමු.එසේ නොමැති වුව හොත් පොලිස් නිලධාරියෙකුට ඇති ගෞරවය හොන්ඩා යතුරු පැදියට හා රිවොල්වරයට පමණක් සීමා වනු ඇත.එවැනි විටකදී පොලිස් නිලධාරියෙකු දුටු විට කොස්තාපල් පුඥ්ඥසෝම සිහිවනු නොවැලක්විය හැකි වන්නේය.

අප බලාපොරොත්තු වන්නේ නීතිගරුක ශක්තිමත් පොලිස් සේවයකි.එවැනි පොලිස් සේවයක් තුලින් සාධාරණය ඉෂ්ඨ වන්නේ අපටමය.මෙම දෝෂාරෝපණය සියලුම පොලිස් නිලධාරීන් වෙත නොවේ.හර්ද සාක්ෂියට එකඟව නීතියට අනුකුලව සිය සේවය ඉටු කරන පොලිස් නිලධාරීන්ද සිටිති.අපි ඔවුන්ට ගරු කරමු.අනෙක් පොලිස් නිලධාරීන්ට කියන්නට ඇත්තේ පොලිස් සේවයේ පවතින සියලුම ගැටළු වලට උත්තර සැපයීමට ඔබට නොහැක.අපි එය දනිමු.නමුත් ඔබට හර්ද සාක්ෂියට එකඟව රැකියාව ඉෂ්ඨ කල හැකිය.එම නිසා වගකීමෙන් යුතුව සිය රැකියාව ඉෂ්ට කරන ලෙස අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිමු.මේ නීතිගරුක ශක්තිමත් පොලිස් සේවයක් බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයකුගේ හඬයි.

අද පිටපත මිස්ටර් සබන් බොලේ

Anonymoushttp://www.blogger.com/profile/10727988576432617433noreply@blogger.com0tag:blogger.com,1999:blog-1910272991405329855.post-63170649801050596652014-05-06T23:43:00.003-07:002014-07-12T03:26:15.130-07:00Boot නොකා Love කරන හැටි

අපි හැමෝම Love කරනවා Boot කනවා.Boot එකාක් නොකාපු Love කරන කෙනෙක් හොයා ගන්නවත් නැහැ.එත් හිතුවද කවදාවත් Boot එකක් නොකා කොහොමද Love කරන්නේ කියලා.නැහැ නේද? අපි Love කරන්නේ Boot එකක් කන්න බලාගෙන නෙවෙයිනේ.එත් ටික දවසක් යනකොට තමයි හිතෙන්නේ මේ යකා මට Match වෙන්නේ නැහැ කියලා ඔන්න ඉතින් Boot එක තියනවා.කොහොම උනත් මේකෙන් තේරෙන්නේ නම්  Love කරන කෙනා හොදද කියලා බලන්න ඕනේ Love කරන කොට නෙවෙයි Love කරන්න ගන්න කලින් කියන එකයි.

හුගක් අය කියන දෙයක්නේ "මම ඉක්මන් උනා වැඩියි බන්" කියලා.අන්න එතන තමයි ඔය ප්‍රශ්නෙට මුල ඉක්මන් කොටයි කියලා කියනවනේ.ඉතින් මේ වගේ දෙයක් ගැන තීරණයක් ගන්නකොට ඉක්මන් වෙලා හරියන්නේ නැහැ. ටිකක් හිතල බලන්න මෙන්න මේ විදියට.Love කරන අයගේ අන්තිම බලාපොරොත්තුව විවාහ වෙන එකනේ.වෙන වෙන බලාපොරොත්තුත් ඇති මේ කියන්නේ විවාහ වෙන එක අන්තිම බලාපොරොත්තුව කරගත්ත Love කරන අය ගැන.ඉතින් මොකද්ද මේ විවාහය කියන්නේ? ඇත්තම කිව්වොත් ඔය දෙන්නට ඔය දෙන්නව Sure නැහැ කියලා පොතේ ලියන එකනේ.නැත්නම් මොකටද පොත් වල ලියන්නේ ඔය දෙන්න කවදාවත් වෙන් වෙන්නේ නැහැ කියලා හිතේ තිබුනහම ඇතිනේ.මම නම් හිතන විදියට කෙනෙක් මුලින්ම කසාද බදින්නේ Love කරන්න පටන් ගත්ත දවසේ.එදා තමයි හිතෙන් කසාද බදින්නේ.සමාජමය කාරනා නිසා ඒ දෙන්නට එකට ඉන්න බැහැ තමයි.එත් හුගක් වෙලාවට Love කරන දෙන්නෙක් කොච්චර සමීප වෙනවද කියන එක Love කරන අයම දන්නවා.අනික සමාජයේ අහන්න දකින්න ලැබෙන දේවල් වලින් හිතා ගන්න පුළුවන් Love කරන අය තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ගැන කොච්චර විශ්වාසයක් තියනවද කියලා.ඉතින් ආදරේදී ඒ තියෙන විශ්වාසය බැන්දා කියලා වැඩි වෙනවද? නැහැනේ.එකෙන් තේරෙනවා බඳිනවා කියන එකට වඩා Love කරනවා කියන එකට හැගීම් කියන එක සම්භන්ධ වෙනවා කියලා.

හොදයි අපි ආයෙත් මුල් කාරනේට බහිමුකො.දැන් වෙන්නේ නම් කවුරු හරි තමන්ට හොදයි කියල හිතෙන කෙනෙක් එක්ක යාලු වෙලා එයාව ආශ්‍රය කරලා ටික කාලෙකින් තීරණය කරනවා එයාව බදිනවද නැත්නම් Boot එක තියනවද කියලා.හැබැයි සමහර වෙලාවට මේ තීරණය ගන්නකොට වැඩේ හුඟක් දුර ගිහිල්ලා වැඩියි.හුගක් වෙලාවට මේ ආදර වන්තයෝ හම්බෙන්නේ Bus වල Clz වල Fb එකේ වගේ තැන් වල.සමහර අය අනිත් කෙනාව දකින්නේ පලවෙනි වතාවට.

දැන් බලමු හුඟක් අය Love කරන්න කලින් කෙනෙක්ව හොදයිද කියලා බලන සාධක මොනවද කියලා.පලවෙනි කාරණේ ලස්සන,ඊට පස්සේ තමයි අනික් කාරනා.ගති ගුණ නම් එච්චර බලන්න වෙන්නේ නැහැ මොකද එයාව ආශ්‍රය කරන්න ලැබිලා නැහැනේ.මේ කාරනා වලින් ටිකක් බලලා ආදරේ කරන්න ගන්නවා."වැරදි තිබුනොත් පස්සේ හදාගන්න බැරියයි" කියල තමයි මුලින් හිතන්නේ.ඔහොම කියලා Love කරන්න අරගෙන අනිතිමට නහයෙන් අඩාගෙන එනවා.

ඉතින් Boot නොකා Love කරන්න ඕනේ නම් තමන්ට හොදයි කියලා දැනුනු කෙනාව ටික කාලයක් යනකන් හොදට අධ්‍යනය කරන්න එයා එක්ක කතා කරන්න.හැබැයි යාලුවෙක් විදියට.එයාගේ හොදම යාලුවෙක් වෙන්න.මොකද හුගක් අය තමන්ගේ සැබෑ ස්වරුපය පිට අයට පෙන්නේන්නේ නැහැ.එයාව ආශ්‍රය කරන්න හැබැයි Love කරන්න නම් යන්න එපා.හුගක් අය රඟපානවා කියලා ඔයා දන්නවනේ.ඒත් ඕනෙම කෙනෙක්ට මාසයක් දෙකක් රගපාන්න පුළුවන් වෙයි.ඒ නිසා එයාව මාස ගානක් ලගින්ම ආශ්‍රය කරන්න.එතකොට ඔයාට තේරේවි එයා බදින්න හොද කෙනෙක්ද කියලා.ඔයාවයි එයාවයි කොච්චර දුරට ගැලපෙනවද කියලා.සමහර විට ඔයාට එයාව හරියටම තේරුම් ගන්න හුගක් කල් ගතවෙන එකක් නැහැ.Love කරන ගමන් අනිත් කෙනාව තේරුම් ගන්න නම් ඉන්න එපා.Love කරන්න කලින් සතා මොකාද කියල දැනගන්න.එහෙම උනොත් ඔයාට Boot එකක් කාලා නාහෙන් අඩන්න වෙන එකක් නැහැ.

ආයෙත් කියන්නේ Love කරන ගමන් තේරුම් ගන්න ඉන්න එපා.මොකද Love කරනවා කියන්නේ හුගක් දේවල් අනිත් කෙනාට පරිත්‍යාග කරනවා කියලා.ඉතින් තමන්ට නැති උන දේවල් Affair එක Down උනාම ආයේ ගන්න බැහැනේ.ඒ නිසා Love කරන්න කලින් තේරුම් ගන්න තමන් Love කරන්නේ මොන වගේ කෙනෙක්ටද කියලා.

අද පිටපත් ලිව්වෙත් සබනා ම තමයි

Anonymoushttp://www.blogger.com/profile/10727988576432617433noreply@blogger.com5tag:blogger.com,1999:blog-1910272991405329855.post-75469723952491583092014-02-07T11:17:00.001-08:002014-07-12T03:34:16.303-07:00ෆේස් බුක් නිසා මරණය හිමි වූ දැරිය

ලංකාව ආසියාවේ ආශ්චර්ය කිරීමේදී මුල් තැන දෙන කරුණු 05ක් මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි අන්තර්ගතය.එයිනුත් ආසියාවේ තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත් කිරීම තරුණ අපිට ඉතා වැදගත්ය.සමාජ ජාල වෙබ් අඩවි පරිශීලනය දැන් එන්න එන්නම දියුණු වෙමින් පවතී.මීට සාපේක්ෂව ඒහා සම්භන්ධ ගැටළුද නිර්මාණය වෙමින් පවතී.මව්බිම පත්තරය කියවද්දී දුටු එක්තරා සිද්ධියක් නිසා මේ ලිපිය ලියන්නට සිතුනි.

වයස අවුරුදු 15ක පාසල් ශිෂ්‍යාවකගේ පාසල් නිළ ඇදුමින් සිටින පින්තුරයක් ෆේස්බුක් හී පලවීම නිසා පාසලේ ගුරුමණ්ඩලයෙන් වූ බලපෑම ඉවසා ගත නොහැකිව එම දැරිය ගෙල වැලලාගෙන දිවි නසා ගැනීම ඉහත කී සිද්ධියයි.මේ පිළිබද සිතා බැලීමේදී කාරනා කිහිපයක් පිලිබදව සිත යොමු කල යුතු බව සිතේ.

පළමු කාරණය නම් මෙම පින්තුරය මුහුනුපොතට දමා ඇත්තේ මෙම නැගණිය නොවේ .තවද එසේ මුහුණු පොතට දැමීමට යොමුකර ඇත්තේද මෙම නැගණිය නොවේ.ඒ බව ඇය අවසාන වශයෙන් ලියා තිබුණු ලිපිය කියවා බැලීමේදී ප්රත්යක්ෂ වේ.එබැවින් මෙම කාරණයේදී ඇය කෙරෙහි වූ වරද මහත් කොට සැලකිය නොහැක.ඕනෑම අයෙකු පාසල් කාලය සිහි වීම පිණිස පාසල් නිල ඇදුම ඇද ජායාරුප ගැනීම සිදු කරනු ලබයි.එය මාද සිදු කර ඇත්තෙමි.එම නිසා එය සාමාන්‍ය දෙයකි.

අනෙක් කරුණ වන්නේ දිවි නසා ගැනීමට වෙනත් හේතුවක් නොමැති වීමයි.මන්ද යත් මෙම සහෝදරිය පාසයේ නැටුම් තරඟ වලින් දක්ෂතා දැක්වූ පාසලේ බහුතර ගුරුවරියන්ගේ මෙන්ම සහෝදර සිසු සිසුවියන්ගේද ආදරය දිනා ගත් දැරියකි.තවද තම සාමාන්‍ය පෙළ විභාගයට හොදින් මුහුණ දීමට සුදානම් වෙමින් සිටි දැරියකි.තම පවුලට අසීමිත ලෙස ආදරය කල ඇයට ලස්සන අනාගතයකට හිමිකම් කියන්නට හැකිව තිබිණි.තවද මෙහි දී දිවිනසා ගැනීමේ අරමුණ විමසා බැලිය යුතුය.ඇය දිවි නසාගෙන ඇත්තේ මෙවන් පීඩනයක් තවත් සහෝදරියකට සිදු නොකිරීමට ගුරුවරුන් පෙළඹවීමේ අරමුණිනි.

මෙම දැරිය මෙවන් තත්වයකට ඇද දැමීමට වගකිව යුත්තෝ කවරහුද?පළමුව මෙම දැරියගේ අවසරයකින් තොරව මෙම ජයාරූප මුහුණු පොතට දැමු පුද්ගලයා හා එයට උදවු කල තැනැත්තා වගකීම භාර ගත යුතුය.එසේ නොකළේ නම් මේ අහිංසක ජීවිතය අදටත් නිරුපද්‍රිතව පවතිනු ඇත.

දෙවනුව මෙවන් වූ කරුණකට මෙතරම් දඩුවමක් දුන් විදුහල්පති සහ ගුරුවරු වගකීම භාර ගත යුතුය.බාහිර දඩුවමකට වඩා මානසික වශයෙන් කරන දඩුවම බලවත්ය.මෙහිදීද දරුවාට සමාජයට මුහුණ දීමට නොහැකි වීම නිසා සිය දිවි හානි කර ගැනීමට පෙලබුනු බව පෙනේ.මුළු පාසලම ඉදිරියේ වේදිකාවට නංවා මෙම දැරියට බැනීමෙන් අනෙක් ළමයින් මෙවැනි දේවල් වලට පෙළඹීම සිදු නොවනු ඇතැයි විදුහල්පති වරයා සිතන්නට ඇත.එහෙත් එහිදී ඔහු සිදු නොකළ දෙය වන්නේ මේ දැරිය සත්‍ය වශයෙන්ම වරදකාරියක්ද යන්න සොයා බැලීමයි.විදුහල්පති දුරයක් ලැබෙනුයේ වසර ගණනාවක ගුරු වෘතියෙහි ඇති පළපුරුද්ද සලකා බලමිනි.එහෙත් මෙම විදුහල්පතිවරයා එලෙස පත් වුයේ කෙලෙසකදැයි සිතෙන්නේ හාවා අහස කඩා වැටෙනෝ යැයි කියමින් දිව්වාක් මෙන් මුල මැද අග නොබලා ප්‍රශ්න විසදීමට යාමෙනි.

මේ අවස්තාවේදී දැරියගේ තත්වය විදුහල්පතිවරයාට හා ගුරුවරුන්ට සිතන්නට තිබිණි.මැය අවුරුදු 15ක හුරුබුහුටි දැරියක් විනා තලතුනා ගැහැනියක් නොවේ.තවද මැය සාමාන්‍ය දැරියක මෙන් මව් සෙනෙහස ලබන දැරියක් නොවන බවද දැනගත යුතුය.මැය අපොස සාමාන්‍ය පෙළ විභාගයට සුදානම් වන සිසුවියකි.අනෙක මැය පාසලේ දක්ෂතා දක්වන සැමගේ ආදරයට ලක්වූ හොද ප්‍රතිරූපයක් හිමි අයෙකි.කිසිම පුද්ගලයකු මැගෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවේ.සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරියේ " වේසියක් " කියා ඇසීමද බලා පොරොත්තු නොවනු ඇත.වැනි අවස්තාවකදී නොකළ වරදකට පාසල ඉදිරියේ මෙලෙස හංවඩු ගැසීම 11 ශ්‍රේණියේ දරුවෙකුට තියා අපටද ඉවසා ගත නොහැකි දෙයකි

අප විසින් ගුරුවරුන් හදුන්වන්නේ දෙවැනි පියවරුන් සහ මවුවරුන් ලෙසයි එහෙයින් අප ගුරු මව/ගුරු පියා යැයි අමතනු ලබයි.ඕනෑම සිසුවකු ගුරුවරයාගෙන් බලාපොරොත්තු වන්නේ අධ්‍යාපනයම පමණක් නොවේ.තමන්ට යහළුවන් සේ සිටිමින් තමන්ගේ පුද්ගලික ප්‍රශ්න වුවද කථා කල හැකි වීම නිසා සමහර ගුරුවරුන් ළමයින්ගේ ආදරය දිනා ගනු අප දැක ඇත්තෙමු.සෑම පාසලකම විශාල ගුරු මණ්ඩලයක් අතුරින් බොහෝ සිසුන්ගේ ආදරයට ගෞරවයට නිබඳව පාත්‍ර වන මෙවන් ගුරුවරු සිටී.අවාසනාවට කරුණ වන්නේ මෙසේ නොවන ගුරුවරුන්ද සිටීමයි.තමන්ගේ ගෙදර ප්‍රශ්න හිස මත තබාගෙන විත් සිසුවන්ට පහර දෙන ගුරුවරුන් ඕනා තරම් අප දැක ඇත්තෙමු.කැපී පෙනීම උදෙසා රව්ද්‍ර ප්‍රතිරූපයක් රඟ දක්වන ගුරුවරුන්ද අප දැක ඇත්තෙමු.මෙවැනි අයට අපට පැවසීමට ඇත්තේ තමන්ගේ පුද්ගලික ප්‍රශ්න පාසලේ ගේට්ටුවෙන් එපිට තබා විත් දරුවන්ට ආදරණීය ගුරුවරයෙක්/ගුරුවරියක් වන්නට කියා පමණි.ගුරුවරුන් තනන ගුරු අභ්‍යාස විද්‍යාල වලට පුහුණු වන ගුරුවරුන්ට ඉවසීම,නායකත්ව ලක්ෂණ,ප්‍රශ්න විසදන අන්දම මෙන්ම මනුස්සකමද පුහුණු කිරීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බව මෙවැනි සිද්ධීන් වලින් පෙනී යයි.අවසන් වශයෙන් කියන්නට ඇත්තේ සමාජයේම වරදකින් අප අතරින් වෙන්වුණු නැගණියේ මතු සසරේදී මෙවන් අකල් මරණ සිදු නොවේවා.ඔබට නිවන් සැපම ලැබේවා.

මෙය සුවහසක් වූ ආදරණීය ගුරු මව්වරුන් පියවරුන් උදෙසා නොව ගුරුවර වේශයෙන් පැමිණෙන අමනයින් උදෙසා දැමූ ලිපියකි.

අද පිටපත මිස්ටර් සබන් බෝලෙ

Anonymoushttp://www.blogger.com/profile/10727988576432617433noreply@blogger.com13tag:blogger.com,1999:blog-1910272991405329855.post-88663882415420265422014-02-06T01:07:00.002-08:002014-07-12T03:46:25.549-07:00කුණුත් එක්ක ගෑනිත් ගෙනත් දාපිය

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙමින් පවතී.මං මාවත් පුළුල්ය.එදා මං මාවත් අසල තිබු කසල ගොඩවල් අද පෙනෙන්නට නැත.අහස උසට නැගුනු ගොඩනැගිලිය.කොන්ක්‍රීට් වනාන්තරයට හරිත පැහැය එක් කිරීමටද බොහෝ මහන්සි වෙනු දැකිය හැකිය.සම්මන්ත්රණ ශාලා,තට්ටු නිවාස,බස් නැවතුම්පළවල්,රඟහලවල්,දුම්රිය මාර්ග මේ සෑම අංශයක්ම සංවර්ධනය වෙමින් පවතී.නමුත් මේ සංවර්ධනය පිළිගන්නට තරම් මහජනතාවගේ ආධ්‍යාත්මය සුදානම් නැති හැඩක් පෙනී යයි.

තවමත් දිරාපත් නොවන කලි කසල මහත් ගැටළුවක් වී තිබේ.මෙම කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීම උදෙසා පළාත් මට්ටමින්ද මධ්‍යම ආණ්ඩුව මගින්ද විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් ක්‍රියාත්මක කරමින් පවතී.මේවායේ සාර්ථකත්වය කොපමණදැයි නිශ්චය කිරීම අපහසුය.මන්ද යත් කුණු එකතු කරනා ස්ථාන වල තිබෙන්නා වූ කුණු කඳු තවමත් එලෙසමය.කලින් කලට ඩෙංගු උවදුර හිස ඔසවයි.ඩෙංගු නිට්ටාවටම විනාශ කර දමන්නට අප අසමත් වී නැත.සිය ගණන් ජනතාව මිය යද්දී දහස් ගණන් ජනතාව දුක් පීඩා විදින්නේ අපේම වරදිනි.මේ සම්භන්ධයෙන් වැය වන මුදල් රජය විසින් අය කරගනු ලබන්නේ මහජනතාවගෙනි.එම නිසා කුණු නියමිත ස්ථාන වලට පමණක් බැහැර කිරීමත් හැකි සෑම අවස්ථාවකම පොලිතීන් වෙනුවට දීරාපත් වන ද්‍රව්‍ය භාවිතයට ගැනීමත් නිසා මහජනතාවට විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වනු නොවනුමානය.රජය විසින් ක්‍රියාත්මක කරන ලද පොලිතින් කවර වෙනුවට රෙදි කවර භාවිතා කිරීම මෙන්ම දිරාපත් නොවන බත් කොළ වෙනුවට දිරාපත් වන බත් කොළ භාවිත කිරීමට ජනතාව උනන්දු කරවීමේ වැඩසටහන් අසාර්ථක වීමෙන් පෙනී යන්නේ පරිසරය ආරක්ෂා කර ගැනීමට ජනතාවගේ සහය නොලැබීම මිස අන් කවරක්ද?

මග තොටේදී කුණු කසල බැහැර කිරීමට ශ්‍රී ලාංකිකයින් තරම් සමතුන් ලොව කුමන රටකවත් නැති මට සිතේ.ටොපි කොලයක්,රට කජු පොතු ටිකක්,චුයින්ගම් කොලයක් සොයා ගන්නට බැරි බස් රථ අද නැත.සෑම පාරක් දෙපසම කුණු ගොඩවල් දක්නට ලැබේ ගංගා ,වැවු,විල් ,දොළ පාරවල් මෙන්ම සංචාරකයන් ගැවසෙන වෙරළවල් වලද කුණු කසල දමා යන ශ්‍රී ලාංකිකයින් සුලබය.සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රධාන ආදායම් මාර්ගය කර ගන්නට සිහින දකින අපි වගේ රටකට මෙය එතරම් සුභ දායක නොවනු ඇත.ශ්‍රී පාද සමය ආරම්භ වන විටම පොලීසිය මගින් හා වෙනත් පරිසර ආරක්ෂක සංවිධාන වලින් මෙන්ම විහාරආධිපති හිමියන් විසින්ද දැනුවත් කරන්නේ සමනල රක්ෂිතයට පොලිතින් නොදමන ලෙසයි. එහෙත් අවාසනාවට කරුණ වන්නේ වන්දනා සමය අවසානයේ එම ප්‍රදේශය පිරිසිදු කිරීමට වෙනමම පිරිසක් යෙදවීමට සිදු වීමයි.මහනුවර දළදා පෙරහැර,කතරගම පුජා සමයේදීද දක්නට ලැබෙන්නේ මෙවන්ම වාතාවරණයකි.

කුණු බැහැර කිරීම සම්භන්දයෙන් ඉතා රසවත් කියමන්ද අසන්නට ලැබේ.යම් මාර්ගයක් අසල කුණු දැමීම නිසා කුණු ගොඩ ගැසී දුර්ගන්ධයක් හමයි නම්,එය අසල් වාසීන්ට කරදරයක් වන අවස්තාවක පළමුව නිවැසියකු විසින් "මෙම ස්ථානයේ කුණු දමන්නට එපා"යැයි සඳහන් කරමින් පුවරුවක් එල්ලයි.ඒත් එම ස්ථානයේ කුණු දමයි නම් අසල්වැසියන් විසින් පොලිසියේ පැමිණිල්ලක් සටහන් කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය ලේකම් වරයා හෝ පොලිස් පරිසර ආරක්ෂක ඒකකය විසින් "මෙහි කුණු දැමීම දඩුවම් ලැබිය හැකි වරදකි" යනුවෙන් පුවරුවක් එල්ලයි.එහෙත් කුණු දැමීම ඉවර නොවන තැන "මෙහි කුණු දැමීම බල්ලන්ට පමනයි " යනුවෙන් පුවරුවක් එල්ලීමට ලහම ඇති නිවසේ නිවසියාට සිදුවනු ඇත.එයද ප්‍රමාණවත් නොවන බව දැනුනු විට අන්තිම තුරුම්පුව ලෙස " කුණුත් එක්ක ගෑනිත් ගෙනත් දාපිය" යයි කියන අවස්ථාද දක්නට ලැබේ. කෙසේ නමුත් මෙය නවතින්නේ නැත.අපේ මිනිසුන්ට උවමනා වන්නේ රටට හෙන ගසා ගියත් තමන් රැකෙන්නටය.එම නිසා තමන්ගේ කුණු තමන්ගේ වත්තේ නොතබා අසල තිබෙන්නා වූ පොදු ස්ථානයට ගෙන ගොස් දමයි.මෙය ජාතකයේ මිස අන් කවර වැරද්දක්ද?

මෙම ගැටලුව සමාජයේ මේ මේ සමාජ කණ්ඩායම හා බැදී පවතින්නක් යයි කිව නොහැක.උගත් යයි සලකන විශ්ව විද්‍යාල ශිෂ්‍යාගේ සිට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් වූ පුද්ගලයා දක්වා මේ අමන ක්‍රියාවට සම්මාදන් වෙයි.සුපොගබෝගී වාහන වලින් පැමිණ කුණු දමා යන මහත්වරුන් යයි කියා ගන්නා පුද්ගලයින් කොතෙකුත් අපි මාධ්‍ය මගින් දැක ඇත.ඒ නිසා ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප සියලුම දෙනා මෙම උභතෝකෝටික ප්‍රශ්නයට හේතුකාරක වී ඇත.

අද අප විසින් පරිහරණය කරන්නා වූ පරිසරය අපේ දරුවන්ටද උරුම කර දීම අපේ යුතුකම නොවන්නේද?හොදම දේ දරුවන්ටයි කියා කීවද මේ ලස්සන ශ්‍රී ලංකාව අපවිත්‍ර කරමින් අප දරුවන්ට උරුම කරන්නේ කුමක්ද?ඒ නිසා තමන් ගමන් බිමන් යන විට භාවිතා කරන අප ද්‍රව්‍ය නියමිත් ස්ථාන වලට බැහැර කරන්න.මේවා නීති මගින් ඉටු කරනවාට වඩා ජනතාවගේම ස්වයං පෙළඹ වීමෙන් සිදු කිරීම අගනේය.අන් අයෙකු කරන තුරු බලා නොසිට ඔබ අද සිටම ආරම්භ කරන්න.ඔබේ හිත මිතුරන්ටද මේ බව කියා දෙන්න.ඔබ කරනා පුංචි කැප කිරීමකින් සමාජයේ විශාල වෙනසක් සිදු කිරීමට ඔබ සමත් වනු ඇත.සියලු දෙනාම ප්‍රතිපත්තිගරුක වුවහොත් මේ ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය නොව ලෝකයේම ආශ්චර්ය වන දින වැඩි ඈතක නොවේ.

අද පිටපත මිස්ටර් සබන් බෝලෙ

Anonymoushttp://www.blogger.com/profile/10727988576432617433noreply@blogger.com1tag:blogger.com,1999:blog-1910272991405329855.post-42884454530182406992014-02-03T21:58:00.003-08:002014-07-12T03:52:07.602-07:00වල් බුරු නිදහස

අද නිදහස් දිනේලු.හැම තැනම ජාතික කොඩි දාල,පත්තරෙත් නිදහසට සුභ පැතුම්,ටෙලිවිසෝන් එකෙත් නිදහස සමරනවා.එෆ් බී එකෙත් නිදහස මොකද්ද මේ රටක් වටින නිදහස?

අද පෙබරවාරි 4 වෙනිදා.1948 පෙබරවාරි 4 වෙනිදා තමයි සෝල්බරි ආණ්ඩුක්රමය යටතේ ලංකාවට ස්වයං පාලන අයිතිය ලැබුනේ.ඒ වුනට මේකේ අඩුපාඩු ගොඩක් තිබුනා කියල ඔයාල දන්නවනේ.ඉතින් ඔය අවුල් ටික විසදුවේ 1972 මැතිනිගේ ආණ්ඩුව කාලේ.කොහොමින් කොහොම හරි ජාතියක් වශයෙන් අපිට හරියටම නිදහසක් ලැබුනේ 1972 මැයි 22.1948 දී සුද්දෝ අපිට නිදහස දුන්නේ අපේ ජාතික ව්‍යාපාරයේ ශක්තිමත් බවකටවත් අපිට තියෙන ආදරෙකටවත් නෙවෙයි.ඉන්දියාවට නිදහස ලබා දීමට සිදුවීමෙන් අනතුරුව නැගෙනහිර ඉන්දීය වෙළඳ වෙළඳ සමාගමට තිබුන බලය හීන වීම නිසා ශ්‍රී ලංකාව පරිපාලනය කරන්න බ්‍රිතාන්‍යයන්ට තිබුණු ප්‍රායෝගික අපහසුතා නිසා.අනික එවකට හිටිය බ්‍රිතාන්‍ය ආණ්ඩුව හිටියේ යටත් විජිත වලට නිදහස දිය යුතුයි කියන ප්රතිපත්තියක.

ඉතින් මේකෙන් තේරෙනවා සමරන්න තරම් ජයග්‍රහණයක් අපි ලැබුවේ නැහැ කියලා.කොහොම හරි එදා හිටිය නායකයෝ තමන්ගේ පාලන කාලයේදී ලැබුණු මේ ජයග්‍රහණය උලුප්පල පෙන්නන්න ඕන නිසා නිවාඩු දවසක් එහෙම වෙන් කරලා නිදහස් දිනය සමරන්න තියා ගත්තලු.අන්න එනිසා අපි තාමත් ඒ පාලකයෝන්ව ප්‍රමෝට් කරන්න නිදහස් උත්සවේ කරලා ඩී එස් සේනානායක මහත්තයාගේ පිළිමෙට මල් මාලයක් එහෙම දානවා.මහින්ද මහත්තයත් මැරුණු දවසක අපි යුද්දේ දිනපු දවස කියලා එයාගේ පිලිමෙටත් මල් මාලයක් එහෙම දාවි.

මේ නිදහස් දිනයේදී අපි උපහාර දක්වන්නේ කාටද?රණවිරුවන්ටද?එහෙම නැත්නම් රට වෙනුවෙන් ජීවිතේ කැප කරපු සුද්දව මේ රටින් පන්නන්න සටන් කරපු ජාතික වීරයෝද? මම නම් හිතන්නේ අද වෙනකොට මේ නිදහසේ සම්පුර්ණ ගෞරවය හිමි වෙලා තියෙන්නේ නිදහස ලැබෙන කාලයේ හිටපු දේශපාලකයන්ට.මොනවා උනත් දැන් ඉන්න දේශපාලකයන්ට වඩා ඒකාලේ හිටිය අය රටට ආදරේ බව නම් තේරෙනවා.

දැන් අපි බලමු ඇත්තටම අපි නිදහස් ජාතියක්ද කියලා.අපි නිදහස් වෙන්න තිබුනා මේ රට නියම දේශප්‍රේමින් පාලනය කළා නම්.අවාසනාවකට අපිව පාලනය කරන්නේ හොරු, කුඩු කාරයෝ, ගණිකාවෝ, බේබද්දෝ වගේ කට්ටිය.සල්ලි, බලය වෙනුවෙන් තමන්ගේ අම්මව උනත් විකුනන්න ලැස්ති කට්ටිය.ස්වයං පාලන අයිතිය ලැබුන දවසේ ඉදලා අපිව පාලනය කරපු අසමත්ජාතියෝ නිසා අපි හැමෝම දුක් විදිනවා.අමතක කරන්න එපා ඒ අයව පත් කලේ අපි කියලා.අපේ රටේ ප්‍රශ්නයක් අපිට විසදගන්න බැහැ.ඇමරිකාව, ඉන්දියාව, එංගලන්තේ, නොර්වේ මේ හැම එකෙක්ම බලන් ඉන්නේ මොකක් හරි කොනක් අල්ලගන්න.ඉතින් මේ හැම එකකටම යට වෙලා තමයි අපිට අපේ ගමන යන්න වෙලා තියෙන්නේ.මේ තත්වෙට රට පත් කලේ අපේම පාලකයෝ.ශ්‍රී ලංකාව කියන රටේ ප්‍රතිරූපය මේ තැනට ගෙනාවේ අපේම එවුන්.ඉතින් අපි මොනවා කරන්නද?උන්ව පත් කලේ අපිමනේ.

එදා සුද්දෝ අපේ මිනිස්සුන්ගෙන් බදු ගහලා උන්ගේ රටවල් වලට සල්ලි අරන් ගියා.දැන් අපේම එවුන් අපෙන් බදු ගහලා උන්ගේ මඩිය තර කර ගන්නවා.ඉස්සර නිදහස වෙනුවෙන් අසාධාරණය වෙනුවෙන් කෑ ගහපු අපේම සිංහලයන්ව සුද්දෝ මරා දැම්මා.දැන් අපේම පාලකයෝ උන්ගේ වැරදි කියන මිනිස්සුන්ව මරා දානවා.එදා අපේ මිනිස්සුන්ගේ ඕන එපා කම් වලට සුද්දෝ කන් දුන්නේ නැහැ.දැන් අපේ චන්ද වලින් පත් උන පාලකයෝ අපේ ඕන එපා කම් වලට කන් දෙන්නේ නැහැ.එදා සුද්දෝ අපිව හූරන් කෑවා අද අපේම එවුන් අපිව හූරන් කනවා.ඉතින් හිතල බලන්න අවුරුදු 66කට පස්සේ අපි රට වැසියෝ විදියට මොකද්ද ලබාගෙන තියෙන නිදහස? කරන්න දෙයක් නැහැ උන්ව පත් කර ගත්තේ අපිමනේ.

සුද්දාගෙන් මේ රට බේරා ගන්න දිවි හිමියෙන් සටන් කල ජාතික වීරයිනේ.ඒ වෙනුවෙන් තම ජීවිතය කැප කල සින්හලයිනේ.කොටියාගෙන් අපේ රට ගලව ගත්ත රණවිරුවනේ මේ නිදහස අයිති තොපිටයි.අපිට මේ නිදහස ලබා දුන්නේ උබලායි.අපේම මෝඩ කම් නිසා රටට ආදරේ නොකරන පාලකයින් පිරිසක් පත් කරගෙන උබලා ඒ කරපු කැප කිරීම් වල වටිනා කම විනාස කරන අපිට සමා වෙයල්ලා.උබලා ලබා ගත්ත ජයග්‍රහණ ආපස්සට හරවන්න හදන අමන රැලට අනුකම්පා කරහල්ලා.

අද පිටපත මිස්ටර් සබන් බොලේ

Anonymoushttp://www.blogger.com/profile/10727988576432617433noreply@blogger.com0tag:blogger.com,1999:blog-1910272991405329855.post-85509803624263545902014-02-01T10:30:00.003-08:002014-07-14T04:12:46.398-07:00අහවල් එක නලලේද?

මේ කතාව ලියන්න හිතුනේ ගයේෂා පෙරේරා දෙරණේ වාද පිටියට ඇවිල්ලා කියපු කතාවක් මතක් වෙලා එයා කියනවා "ලංකාව ලිංගික කුහකත්වය පිරුණු රටක්" කියලා.මෙයා මෙහෙම කියන හේතුව නම් මට හරියටම තේරෙන්නේ නැහැ.එත් මට හිතෙන්නේ කාන්තාවන්ට පිරිමින්ට හා සම තැන නොලැබෙන්නේ ලිංගිකත්වය කියන සාධකය නිසා කියලා මෙයා අදහස් කරනවා ඇති.එකට හේතුව මේ රටේ කාන්තාව අධිනිශ්චය වෙලා තියෙන එක.අන්න ඒක නිසා තමයි මෙයා මේ කියන ලිංගික කුහකත්වය ඇති වෙලා තියෙන්නේ.

ඊලගට බලමු සමාජය තුළ කාන්තාව අධිනිශ්චය වන්නේ කොහොමද කියලා.එකට ප්‍රධානතම හේතුව තමයි අපේ සංස්කෘතිය.අපේ සංස්කෘතියට අනුව සමාජයේ පුර්ෂයන්ට වගේම කාන්තාවටත් විශේෂිත වූ කාර්යයන් වෙන් වෙලා තිබුනා.ඒ කියන්නේ පුර්ශයගේ වැඩේ කාන්තාවවත් කාන්තාවගේ වැඩේ පුර්ෂයවත් කලේ නෑ.මෙන්න මේ නිසා දැන් කාන්තාවන් කියන්නා වූ සම තැන ලැබුනේ නෑ.අපේ රටත් බටහිර රටවල් සමග එකතු වීමත් සමගම බටහිර සංකල්ප සමාජයට මුසු උනා.මේ නිසා දැන් වෙනකොට පිරිමි සමග කරට කර කාන්තාව බොහෝ වැඩ කරනවා.

අනිත් කරුණ මේ මතය සමාජයට ඇතුල් වෙන්න ලංකාවේ නීතියත් සෑහෙන්න කාර්යභාර්යයක් කරලා තියෙනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදලා පොඩි පොඩි අනු නීති වෙනකම්ම නීතියේ විවිධ තැන් වලදී කාන්තාවට විශේෂයෙන් සලකලා තියෙනවා.අනිත් කාරනේට හේතු වෙන්න අපිම තමා.පිරිමින් කාන්තාවන්ට තියෙන ආකර්ෂණය පෙන්නනවා.එත් කාන්තාවන් ඒ හැගීම එලියට දාන්නේ නැහැ.

බොහෝ වෙලාවට කාන්තාව අධිනිශ්චය වන්නේ ලිංගිකත්වය කියන කාරණයේදී.මොකද ගණිකා වෘතියේ 99% සිටින්නේ කාන්තාවන්.කාන්තාවගේ ලිංගේන්ද්‍රියට වැඩි වටිනාකමක් හිමි වෙලා තියෙනවා.මෙන්න මේ නිසා තමයි නදීෂා පෙරේරා කියන ජනප්‍රිය නිළිය කියලා තිබුනේ ගණිකා වෘතීය නැති උනොත් ලංකාවේ පිරිමින්ට පිස්සු හැදෙයි කියලා.අන්න එවැනි මතයක් රටේ තියෙනවා.මේ මතය ගෑනු ළමයි ලගත් තියෙනවා.එයාල හිතන්නේ කෙල්ලෝ නැති උනොත් කොල්ලෝ ඉදලා හමාරයි කියලා.මෙන්න මේ ආඩම්බර කම නිසා තමයි කොල්ලෝ කෙල්ලන්ගෙන් අහන්නේ අහවල් එක නලලෙද කියලා.

ඉතින් අපි බලමු මේ අධිනිශ්චය වීම කොච්චර දුරට සාධාරණද කියලා.ආදරය කියන හැගීමට සීමා මායිම් නැහැ.නමුත් ගෑනු ළමයින්ගේ මතයක් තියෙනවනේ ආදරේ ප්‍රකාශ කරන්න ඕනේ කොල්ලෝ කියලා.ඉතින් කොච්චර කැමැත්තෙන් හිටියත් කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවොත් ඒ නම් බොහොම කලාතුරකින් තමා.ලිංගිකත්වයේදීත් ඔහොමයි පිරිමින්ට විතරක් නෙවෙයි ලිංගික ආශ්වාදය කාන්තාවටත් අවශ්‍යයි එත් ඒක ඉල්ලන්න කාන්තාව පෙලබෙන්නේ නැහැ.අන්න එක නිසා තමයි පුර්ෂ ගණිකා නිවාස ලංකාවේ අඩු.එත් අද වෙනකොට කොළඹ ලිංගික සංසර්ගය සඳහා පුර්ෂයන් කුලියට දෙන තැන් තියෙනවා.සුපිරි හෝටල් වල කාන්තාවන්ටම පමණක් වෙන් වූ නිරුවත් සාද තියෙනවා.ඒ කියන්නේ වර්තමානයේ කාන්තාවන් අතරට ලිංගික අවපාතයක් ඇති වෙලා කියන එකද? නිල් චිත්‍රපටි බලන්නේ පිරිමි විතරද? නිල් ච්ත්‍රපටි බලන්න විතරක් නෙවෙයි දැන් කාන්තාවෝ නිල් චිත්‍රපටි වල රඟපාන්නත් ඉදිරිපත් වෙනවා.ඉස්සර නම් අහන්න ලැබුනේ ස්ත්‍රී දුෂණ එත් ඊයේ පෙරේදා කාන්තාවක් පුද්ගලයෙක්ට බලහත්කාරකමක් කළා කියලා අහන්න ලැබුනා.අද හුගක් අංශ වලදී කාන්තාව වෙළඳ භාණ්ඩයක් වෙලා.අද බොහෝ අවස්ථා වල කාන්තාව කාමුක හැගීම් ඉදිරිපත් කරන්න යොදාගෙන තියෙනවා .ඉස්සර අම්මලා තමන්ගේ දුවව බන්දලා දෙන්න හෙව්වේ හොද පිරිමි ළමයෙක්ව.එත් දැන් අම්මලා තමන්ගේ පුතාට හොයන්නේ හොද ගැහැණු ළමයෙක්ව.මේ තරමටම සමාජය අද වෙනස් වෙලා.මේ හැමදේටම හොද සහයක් අපේ කාන්තා පරපුරෙන් ලැබෙනවා.අද පාරක යනකොට ඕන තරම් දකින්න ලැබෙනවා ඇදුම් අඩුවෙන් ඇදන් යන කාන්තාවන්ව.තමන්ගේ වටිනාකම් ගැන සලකන්නේ නැතුව කාන්තාව විකිනෙනවා.

අපේ සංස්කෘතිය තුල කාන්තාවට තමයි වැදගත්ම තැනක් හිමි උනේ."ගෙදර බුදුන් අම්මා" කියලයි කිව්වේ.තාත්තට ඒ තැන හම්බුනේ නැහැ ඒ නිසා තමයි ටී.එම් ජයරත්න මහත්තයා අහන්නේ "අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ" කියලා.පෙරදිග සමාජයේ කාන්තාවට වැදගත්ම තැනක් ලැබුනා.මේකෙන් පේන්නේ දැන් වගේම අතීතයේදීත් කාන්තාව අධිනිශ්චය උනා.එත් එදා කාන්තාව අධිනිශ්චය උනේ ගුණාත්මකභාවය කියන සාධකය මත දැන් තත්වය හාත්පසින්ම වෙනස් දැන් කාන්තාව අධිනිශ්චය වෙලා තියෙන්නේ ලිංගිකත්වය කියන කාරනාව මත.

ඉතින් ආදරණීය සහෝදරියනේ බටහිරින් අපිට ලැබෙන සියලු දේම අදාළ කරගන්නකොට ටිකක් හිතන්න වෙනවා අපි ඒවා නිසා නැති කර ගන්න යන්නේ මොනවද කියලා.

මේ ලිපියෙන් කිසිම අයෙකුගේ සිත් රිදවීමට අදහස් නොකලෙමි .

සමහර විකෘති කාමාශාවන් තියෙන පිරිමි කාන්තාවන්ට සිදු කරන ක්‍රියා පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.

අද පිටපත මිස්ටර් සබන් බෝලෙ

Anonymoushttp://www.blogger.com/profile/10727988576432617433noreply@blogger.com0tag:blogger.com,1999:blog-1910272991405329855.post-11290794496546170212014-01-30T21:28:00.001-08:002014-07-12T04:13:04.192-07:00චන්දෙ දෙන්නේ කාටද?

මේ දවස් වල හුගක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි චන්දෙ දෙන්නේ කාටද කියන එක.ඔක්කොම එකයි.චන්ද කාලේදී අපිට වැඳගෙන ඇවිල්ලා දිනුවට පස්සේ හොයන්නවත් නැහැ.එකට හොදම උදාහරණයක් මේ දවස් වල වෙබ් සයිට් වල ගියා.ඒ තමයි දකුණු පළාත් සභා මන්ත්‍රී අනර්කලී ආකර්ෂා.මෙයා චන්දෙන් පස්සේ පේන්නවත් හිටියේ නෑලු.පඩිය ගන්න විතරක් ආවලු.එක පාරටම පළාත් සහාව විසිරුවා හරියට පස්සේ නින්දෙන් ඇහැරුනා වගේ ඇවිල්ලා කුඹුරක් පේන තෙක් මානෙක නැති ගමකට උදලු දීලා ගියාලු.අනේ මන්දා මේවා කාට කියන්නද කියලා.රට පුරාම තත්වේ ඕකයි.චන්දෙ දෙන්න එකෙක් නෑ

එත් ඉතින් මෙහෙම කියලා චන්දෙ නොදී ඉඳලා හරියනවයි.චන්දෙ දුන්නත් අපි පරාදයි චන්දෙ නොදුන්නත් අපි පරාදයි.ඒක කොහොමද වෙන්නේ කියලා අපි බලමු.අපි චන්දෙ දෙන්නේ නැතුව හිටියොත් අපේ චන්දෙ අහෝසි වෙනවා.එක්කෝ අපි චන්ද පොලට ගිහිල්ලා චන්ද පත්‍රිකාවේ විකාරයක් ලියලා ආවොත් අපේ චන්දෙ අවලංගු වෙනවා.ඉතින් මෙහෙම උනොත් ජයග්‍රාහකයා තීරණය වෙන්න අපේ චන්දෙ බලපාන්නේ නැහැ.ඒ කියන්නේ අපි කැමති එකා කොහොමටවත් දිනන්නේ නැහැ.අන්න එක නිසා අපේ චන්දෙ නිවැරදිව දාන එක හුගක් වැදගත්.

කොහොමත් අපේක්ෂකයෝ ටික පෝස්ටර් ගහලා මීටින් තියලා කටවුට් ගහලා දන්සල් දීලා ටකරන් බෙදලා සමහර අපේක්ෂකයෝ කුඩු පැකට්,අරක්කෝ බෝතල් දීලත් චන්ද ව්‍යාපාරේ කරගෙන යනවනේ.ඔහොම යනකොට චන්ද කීයක් හරි එකතු වෙනවනේ.ඉතින් එහෙම එකතු වෙන චන්ද එකතු වෙන්නේ හුගක් වෙලාවට දේශපාලන ශාක්ෂරතාවය අඩු මිනිස්සුන්ගෙන්.ඒ කියන්නේ චන්දෙ වටිනාකම හරියට දන්නේ නැති අයගෙන්.ඉතින් උගත් බුද්ධිමත් ඔයා ඔයාගේ චන්දෙ හරියට පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා කියන්නේ අර මෝඩ මිනිස්සුන්ගේ කැමැත්තට ඔයාව පාලනය කරන්න කෙනෙක්ව පත් කර ගන්නවා කියන එක.ඉතින් එක නිසා මේ පාර චන්දෙ අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න.

දැන් බලමු කොහොමද චන්දෙ පාවිච්චි කරන්නේ කියලා.ඔක්කොම ඉන්නේ හොරු තමයි.එකට ඉතින් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැනේ.ඔයා මේ පළාත් සැබෑ චන්දෙදි තෝරාගන්නේ ඔයාලගේ පළාත පාලනය කරන්න සුදුසු කට්ටියව.එක නිසා පාට පක්ෂ වලට කොටු වෙලා ඉන්නේ නැතුව හොදට හිතලා බලන්න කවුද ඔයාගේ පලාතට වැඩියෙන්ම වැඩ කලේ,කවුද චන්ද කාලේදී වගේම චන්දෙ නැති කාල වලදීත් ඔයාල වෙනුවෙන් පෙනී සිටියේ කියලා.අලුත් කෙනෙක් නම් කොහොමද එයාගේ චරිතේ,කොහොමද එයාගේ නායකත්ව ගුණාංග,කොහොමද එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ මෙන්න මේ කියන ඒවාට චන්දෙ දෙන්න එහෙම නැතුව සල්ලි තියෙනවටවත් බලය තියෙනවටවත් දේශපාලකයෙක්ගේ සමීප ඥාතියෙක් නිසාවත් චන්දෙ දෙන්න එපා.මෙන්න මෙහෙම කල්පනා කරලා බුද්ධිමත් තීරණයක් ගත්තොත් ඉතුරු අවුරුදු පහේදී තමන් ගත්ත තීරණය ගැන දුක් වෙන්න වෙන එකක් නැහැ

ගිය පාර්ලිමේන්තු මැතිවරනේදී එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසුරිය මන්ත්‍රීතුමාට වඩා උපේක්ෂා ස්වර්ණමාලි මනාප වැඩියෙන් ගත්තා.අන්න ඒකයි මේ ලිපිය ලියන්න හේතු උනේ

අද පිටපත මිස්ටර් සබන් බෝලෙ

Anonymoushttp://www.blogger.com/profile/10727988576432617433noreply@blogger.com0tag:blogger.com,1999:blog-1910272991405329855.post-33992090441493501332014-01-30T07:35:00.002-08:002014-07-12T08:32:27.297-07:00මුට්ටිය දැමීම

ගයේෂලා ජින්ජර්ලා රුවන්තිලා ආපසු ගියෝය.ලනුව කෑවේ ජනතාවය.පසුගිය කාලය පුරාවටම මෙවන් සිදුවීම අසන්නට දකින්නට ජනතාව වාසනාවන්ත විය.මහින්දලා රනිල්ලා සොමවන්සලා ජෙනරාල්ලා කොයිකත් එකය.ජනතාවට ඕනා කර තිබෙන්නේ වෙනසක් බව ඔවුහු හොදින්ම දනිති.ඒ නිසා කලින් කලට නරි නාටක රඟ දක්වයි.පහුගිය කාලයේ රඟපෑ එවන් නාටක් කිහිපයක් ගැන මතක් වී මේ ලිපිය ලියන්නට හිතුනි.

විදුලි බිල වැඩි කරන බවට මේ දවස් වල රාවයක් පැතිරේ.මේ පළමු වතාව නොවේ.මීට කලින්ද ඔවැනි දේ සිදු විය.කලින් පොටේ විදුලිය වැඩි කරන්නට ගනිද්දී සොමවන්සලා පෙළපාලි ගියෝය.දවස් ගානක් වැඩේ මාර්කට් කරන්නට හැකි විය.ජනතාවට දිනෙන් දිනම ආණ්ඩුව එපා වෙන්නට විය.රට පුරා ජනතාව ආණ්ඩුවට බනින්නට විය.වැඩේ කෙළවෙන බව දැනගත් රාජපක්ෂලා මොලේ පාවිච්චි කලේ සොමවන්සලාට උන ගන්නවමිනි.ලක්ෂ ගානක ජනතාව ඉදිරිපිට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැලියේදී මහින්ද අපුරු කතාවක් කළේය.ඔහු කීවේ මල ගෙවල් වල දානේ ගෙවල් වලදී තමන්ට හමු වූ ජනතාව විදුලි බිල වැඩි වීම ගැන කලකිරීමෙන් කතා කල බවත් ගමේ ජනතාවගේ දුක දැනුනු නිසා විදුලි බිල හදන චක්කරේ වෙනස් කල බවය.ඒකක බින්දුවේ සිට එකක හැට දක්වා විදුලිය වැඩි වීමක් සිදු නොවන බවය.ජනතාව කෑ ගසා ජනාධිපති තුමන්ට ස්තුති කරන්නට විය.මුට්ටිට හරි ගියේය.සෝමවන්සලා පච කරමින් මහින්ද හොද මිනිහා විය.අන්තිමට විදුලි බිල අඩු උනේ මහින්ද නිසාය.තතු දත්තන්නට අධෝ මුකයෙනුත් හිනාය.

ඔය එකක්ය තව බොහෝ දේ ඇත.පොඩි එවුන්ගේ ශිෂ්‍යත්වෙට කෙලින්න ගිය බන්දුලට උනෙත් ඔය ටිකමය.අහිංසක ගමේ දරුවාගේ සුපිරි පාසල් සිහිනය බොඳ කරන්නටත් ලිංගික අල්ලස් ගන්නා විදුහල් පතිවරුන්ගේ කොන්ත්‍රාත්තුව ඉටු කරන්නටත් බන්දුලගේ වෑයම සුන් විය.මුලින් බන්දුලට ශිෂ්‍යත්වෙ නයාට අඳුකොළ වැනිය.ගම්මන්පිලලා කටේ ලේ රහ වෙනතුරු කෑ ගැසීම නිසා මහින්දට ශිෂ්‍යත්වෙට අත තියන්නට බැරි විය.මුට්ටිය දමා බැලුවේ ජනතාවගේ ප්‍රතිචාරය කුමක්ද කියාය.අනිතිමට වැඩේ අවුල් කියා දැනුනු විට වැඩේ හකුලා ගන්නට සිදු විය.ඒ අතින් අපි ගම්මාන පිලලාට ස්තුති වන්ත විය යුතුය.

කැසිනෝ කතාවද මෙයමය.එජාප ආණ්ඩු කාලයේදී රටේ සංස්කෘතිය කන්නට දගලනවා යයි පාර්ලිමේන්තුවේදී කෑ ගැසූ මහින්දට දැන් කැසිනෝ හොඳ වී ඇත.ජෙප්පෝ පන දාගෙන කෑ ගැසුවේය.හෙළ උරුමේද උගුර කඩාගන්නට විය.දිගින් දිගටම එන ජනතා විරෝධය හමුවේ මහින්ද කිසිම කැසිනෝවකට අලුතින් බලපත්‍ර නොදෙන බවට කියන්නට විය.අන්තිමට මහින්ද හොඳ මිනිහා විය.

අලුත්ම මුට්ටිය ගයේෂලාය.ජනතාවට සන්දානේ එපා වීගෙන එන බව දැනගත් මහින්දලා ජනප්‍රිය යයි කියාගත් නළු නිලි රැලක් චන්දෙට ගෙන්නා ගැනීමට මාන බැලුවේය.පබාලා අනර්කලීලා දිනු නිසා මුන්වත් විකුණා චන්ද ගැනීමට මහින්ද සිතුවේය.ටිල්වින්ලා මේක මාකට් කරන්නට විය.ජනතාව ඒ ගොනා විකුණා හමාරය.චන්ද ගන්නවා වෙනුවට තියෙන චන්ද ටිකටත් කෙළවෙන බව දැනෙන්නට විය.අන්තිමට මහින්ද හොද මිනිහා වෙමින් ගයේශාට ජින්ජර්ට රුවන්තිට නාම යෝජනා දීම ප්‍රතික්ෂේප කල බවට පුවත් පල වෙන්නට විට.දැන් ඉතුරු වී සිටින්නේ නදීෂා සහ ගීතාය මුන්ට මොනවා වේවිද කියා නම් නොදනී.

අන්තිමට රැවටුනේ ජනතාවය.කලින් කලට මහින්ද මුට්ටිය දමා බලයි.වැඩේ වැරදෙන විට හකුලා ගනියි.ප්රශ්නය ඇත්තේ මුට්ටිය දැමීමේ නොව ජනතාවට කෙළවෙන අංශ වලටම මුට්ටිය දැමීමය.අහිංසක අපි මහින්දගේ මුට්ටියක් බලාපොරොත්තුවෙන් සිටීම හැර වෙන මොකක් කරන්නද?

මම ආණ්ඩු විරෝධියෙක් නම් නොවෙමි.

අද පිටපත මිස්ටර් සබන් බොලෙ

Anonymoushttp://www.blogger.com/profile/10727988576432617433noreply@blogger.com0