Contact

Name

Email *

Message *

වල් බුරු නිදහස

අද නිදහස් දිනේලු.හැම තැනම ජාතික කොඩි දාල,පත්තරෙත් නිදහසට සුභ පැතුම්,ටෙලිවිසෝන් එකෙත් නිදහස සමරනවා.එෆ් බී එකෙත් නිදහස මොකද්ද මේ රටක් වටින නිදහස?

අද පෙබරවාරි 4 වෙනිදා.1948 පෙබරවාරි 4 වෙනිදා තමයි සෝල්බරි ආණ්ඩුක්‍රමය යටතේ ලංකාවට ස්වයං පාලන අයිතිය ලැබුනේ.ඒ වුනට මේකේ අඩුපාඩු ගොඩක් තිබුනා කියල ඔයාල දන්නවනේ.ඉතින් ඔය අවුල් ටික විසදුවේ 1972 මැතිනිගේ ආණ්ඩුව කාලේ.කොහොමින් කොහොම හරි ජාතියක් වශයෙන් අපිට හරියටම නිදහසක් ලැබුනේ 1972 මැයි 22.1948 දී සුද්දෝ අපිට නිදහස දුන්නේ අපේ ජාතික ව්‍යාපාරයේ ශක්තිමත් බවකටවත් අපිට තියෙන ආදරෙකටවත් නෙවෙයි.ඉන්දියාවට නිදහස ලබා දීමට සිදුවීමෙන් අනතුරුව නැගෙනහිර ඉන්දීය වෙළඳ වෙළඳ සමාගමට තිබුන  බලය හීන වීම නිසා ශ්‍රී ලංකාව පරිපාලනය කරන්න බ්‍රිතාන්‍යයන්ට තිබුණු ප්‍රායෝගික අපහසුතා නිසා.අනික එවකට හිටිය බ්‍රිතාන්‍ය ආණ්ඩුව හිටියේ යටත් විජිත වලට නිදහස දිය යුතුයි කියන ප්‍රතිපත්තියක.

ඉතින් මේකෙන් තේරෙනවා සමරන්න තරම් ජයග්‍රහණයක් අපි ලැබුවේ නැහැ කියලා.කොහොම හරි එදා හිටිය නායකයෝ තමන්ගේ පාලන කාලයේදී ලැබුණු මේ ජයග්‍රහණය උලුප්පල පෙන්නන්න ඕන නිසා  නිවාඩු දවසක් එහෙම වෙන් කරලා නිදහස් දිනය සමරන්න තියා ගත්තලු.අන්න එනිසා අපි තාමත් ඒ පාලකයෝන්ව ප්‍රමෝට් කරන්න නිදහස් උත්සවේ කරලා ඩී එස් සේනානායක මහත්තයාගේ පිළිමෙට මල් මාලයක් එහෙම දානවා.මහින්ද මහත්තයත් මැරුණු දවසක අපි යුද්දේ දිනපු දවස කියලා එයාගේ පිලිමෙටත් මල් මාලයක් එහෙම දාවි.

මේ නිදහස් දිනයේදී අපි උපහාර දක්වන්නේ කාටද?රණවිරුවන්ටද?එහෙම නැත්නම් රට වෙනුවෙන් ජීවිතේ කැප කරපු සුද්දව මේ රටින් පන්නන්න සටන් කරපු ජාතික වීරයෝද? මම නම් හිතන්නේ අද වෙනකොට මේ නිදහසේ සම්පුර්ණ ගෞරවය හිමි වෙලා තියෙන්නේ නිදහස ලැබෙන කාලයේ හිටපු දේශපාලකයන්ට.මොනවා උනත් දැන් ඉන්න දේශපාලකයන්ට වඩා ඒකාලේ හිටිය අය රටට ආදරේ බව නම් තේරෙනවා.

දැන් අපි බලමු ඇත්තටම අපි නිදහස් ජාතියක්ද කියලා.අපි නිදහස් වෙන්න තිබුනා මේ රට නියම දේශප්‍රේමින් පාලනය කළා නම්.අවාසනාවකට අපිව පාලනය කරන්නේ හොරු, කුඩු කාරයෝ, ගණිකාවෝ, බේබද්දෝ වගේ කට්ටිය.සල්ලි, බලය වෙනුවෙන් තමන්ගේ අම්මව උනත් විකුනන්න ලැස්ති කට්ටිය.ස්වයං පාලන අයිතිය ලැබුන දවසේ ඉදලා අපිව පාලනය කරපු අසමත්ජාතියෝ නිසා අපි හැමෝම දුක් විදිනවා.අමතක කරන්න එපා ඒ අයව පත් කලේ අපි කියලා.අපේ රටේ ප්‍රශ්නයක් අපිට විසදගන්න බැහැ.ඇමරිකාව, ඉන්දියාව, එංගලන්තේ, නොර්වේ මේ හැම එකෙක්ම බලන් ඉන්නේ මොකක් හරි කොනක් අල්ලගන්න.ඉතින් මේ හැම එකකටම යට වෙලා තමයි අපිට අපේ ගමන යන්න වෙලා තියෙන්නේ.මේ තත්වෙට රට පත් කලේ අපේම පාලකයෝ.ශ්‍රී ලංකාව කියන රටේ ප්‍රතිරූපය මේ තැනට ගෙනාවේ අපේම එවුන්.ඉතින් අපි මොනවා කරන්නද?උන්ව පත් කලේ අපිමනේ.

එදා සුද්දෝ අපේ මිනිස්සුන්ගෙන් බදු ගහලා උන්ගේ රටවල් වලට සල්ලි අරන් ගියා.දැන් අපේම එවුන් අපෙන් බදු ගහලා උන්ගේ මඩිය තර කර ගන්නවා.ඉස්සර නිදහස වෙනුවෙන් අසාධාරණය වෙනුවෙන් කෑ ගහපු අපේම සිංහලයන්ව සුද්දෝ මරා දැම්මා.දැන් අපේම පාලකයෝ උන්ගේ වැරදි කියන මිනිස්සුන්ව මරා දානවා.එදා අපේ මිනිස්සුන්ගේ ඕන එපා කම් වලට සුද්දෝ කන් දුන්නේ නැහැ.දැන් අපේ චන්ද වලින් පත් උන පාලකයෝ අපේ ඕන එපා කම් වලට කන් දෙන්නේ නැහැ.එදා සුද්දෝ අපිව හූරන් කෑවා අද අපේම එවුන් අපිව හූරන් කනවා.ඉතින් හිතල බලන්න අවුරුදු 66කට පස්සේ අපි රට වැසියෝ විදියට මොකද්ද ලබාගෙන තියෙන නිදහස? කරන්න දෙයක් නැහැ උන්ව පත් කර ගත්තේ අපිමනේ.

සුද්දාගෙන් මේ රට බේරා ගන්න දිවි හිමියෙන් සටන් කල ජාතික වීරයිනේ.ඒ වෙනුවෙන් තම ජීවිතය කැප කල සින්හලයිනේ.කොටියාගෙන් අපේ රට ගලව ගත්ත රණවිරුවනේ මේ නිදහස අයිති තොපිටයි.අපිට මේ නිදහස ලබා දුන්නේ උබලායි.අපේම මෝඩ කම් නිසා රටට ආදරේ නොකරන පාලකයින් පිරිසක් පත් කරගෙන උබලා ඒ කරපු කැප කිරීම් වල වටිනා කම විනාස කරන අපිට සමා වෙයල්ලා.උබලා ලබා ගත්ත ජයග්‍රහණ ආපස්සට හරවන්න හදන අමන රැලට අනුකම්පා කරහල්ලා.


අද පිටපත මිස්ටර් සබන් බොලේ

Categories:

Leave a Reply