Contact

Name

Email *

Message *

මුට්ටිය දැමීම

ගයේෂලා ජින්ජර්ලා රුවන්තිලා ආපසු ගියෝය.ලනුව කෑවේ ජනතාවය.පසුගිය කාලය පුරාවටම මෙවන් සිදුවීම අසන්නට දකින්නට ජනතාව වාසනාවන්ත විය.මහින්දලා රනිල්ලා සොමවන්සලා ජෙනරාල්ලා කොයිකත් එකය.ජනතාවට ඕනා කර තිබෙන්නේ වෙනසක් බව ඔවුහු හොදින්ම දනිති.ඒ නිසා කලින් කලට නරි නාටක රඟ දක්වයි.පහුගිය කාලයේ රඟපෑ එවන් නාටක් කිහිපයක් ගැන මතක් වී මේ ලිපිය ලියන්නට හිතුනි.

විදුලි බිල වැඩි කරන බවට මේ දවස් වල රාවයක් පැතිරේ.මේ පළමු වතාව නොවේ.මීට කලින්ද ඔවැනි දේ සිදු විය.කලින් පොටේ විදුලිය වැඩි කරන්නට ගනිද්දී සොමවන්සලා පෙළපාලි ගියෝය.දවස්  ගානක් වැඩේ මාර්කට් කරන්නට හැකි විය.ජනතාවට දිනෙන් දිනම ආණ්ඩුව එපා වෙන්නට විය.රට පුරා ජනතාව ආණ්ඩුවට බනින්නට විය.වැඩේ කෙළවෙන බව දැනගත් රාජපක්ෂලා මොලේ පාවිච්චි කලේ සොමවන්සලාට උන ගන්නවමිනි.ලක්ෂ ගානක ජනතාව ඉදිරිපිට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැලියේදී මහින්ද අපුරු කතාවක් කළේය.ඔහු කීවේ මල ගෙවල් වල දානේ ගෙවල් වලදී තමන්ට හමු වූ ජනතාව විදුලි බිල වැඩි වීම ගැන කලකිරීමෙන් කතා කල බවත් ගමේ ජනතාවගේ දුක දැනුනු නිසා විදුලි බිල හදන චක්කරේ වෙනස් කල බවය.ඒකක බින්දුවේ සිට එකක හැට දක්වා විදුලිය වැඩි වීමක් සිදු නොවන බවය.ජනතාව කෑ ගසා ජනාධිපති තුමන්ට ස්තුති කරන්නට විය.මුට්ටිට හරි ගියේය.සෝමවන්සලා පච කරමින් මහින්ද හොද මිනිහා විය.අන්තිමට විදුලි බිල අඩු උනේ මහින්ද නිසාය.තතු දත්තන්නට අධෝ මුකයෙනුත් හිනාය.

ඔය එකක්ය තව බොහෝ දේ ඇත.පොඩි එවුන්ගේ ශිෂ්‍යත්වෙට කෙලින්න ගිය බන්දුලට උනෙත් ඔය ටිකමය.අහිංසක ගමේ දරුවාගේ සුපිරි පාසල් සිහිනය බොඳ කරන්නටත් ලිංගික අල්ලස් ගන්නා විදුහල් පතිවරුන්ගේ කොන්ත්‍රාත්තුව ඉටු කරන්නටත් බන්දුලගේ වෑයම සුන් විය.මුලින් බන්දුලට ශිෂ්‍යත්වෙ නයාට අඳුකොළ වැනිය.ගම්මන්පිලලා කටේ ලේ රහ වෙනතුරු කෑ ගැසීම නිසා මහින්දට ශිෂ්‍යත්වෙට අත තියන්නට බැරි විය.මුට්ටිය දමා බැලුවේ ජනතාවගේ ප්‍රතිචාරය කුමක්ද කියාය.අනිතිමට වැඩේ අවුල් කියා දැනුනු විට වැඩේ හකුලා ගන්නට සිදු විය.ඒ අතින් අපි ගම්මාන පිලලාට ස්තුති වන්ත විය යුතුය.

කැසිනෝ කතාවද මෙයමය.එජාප ආණ්ඩු කාලයේදී රටේ සංස්කෘතිය කන්නට දගලනවා යයි පාර්ලිමේන්තුවේදී කෑ ගැසූ මහින්දට දැන් කැසිනෝ හොඳ වී ඇත.ජෙප්පෝ පන දාගෙන කෑ ගැසුවේය.හෙළ උරුමේද උගුර කඩාගන්නට විය.දිගින් දිගටම එන ජනතා විරෝධය හමුවේ මහින්ද කිසිම කැසිනෝවකට අලුතින් බලපත්‍ර නොදෙන බවට කියන්නට විය.අන්තිමට මහින්ද හොඳ මිනිහා විය.

අලුත්ම මුට්ටිය ගයේෂලාය.ජනතාවට සන්දානේ එපා වීගෙන එන බව දැනගත් මහින්දලා ජනප්‍රිය යයි කියාගත් නළු නිලි රැලක් චන්දෙට ගෙන්නා ගැනීමට මාන බැලුවේය.පබාලා අනර්කලීලා දිනු නිසා මුන්වත් විකුණා චන්ද ගැනීමට මහින්ද සිතුවේය.ටිල්වින්ලා මේක මාකට් කරන්නට විය.ජනතාව ඒ ගොනා විකුණා හමාරය.චන්ද ගන්නවා වෙනුවට තියෙන චන්ද ටිකටත් කෙළවෙන බව දැනෙන්නට විය.අන්තිමට මහින්ද හොද මිනිහා වෙමින් ගයේශාට ජින්ජර්ට රුවන්තිට නාම යෝජනා දීම ප්‍රතික්ෂේප කල බවට පුවත් පල වෙන්නට විට.දැන් ඉතුරු වී සිටින්නේ නදීෂා සහ ගීතාය මුන්ට මොනවා වේවිද කියා නම් නොදනී.

අන්තිමට රැවටුනේ ජනතාවය.කලින් කලට මහින්ද මුට්ටිය දමා බලයි.වැඩේ වැරදෙන විට හකුලා ගනියි.ප්‍රශ්නය ඇත්තේ මුට්ටිය දැමීමේ නොව ජනතාවට කෙළවෙන අංශ වලටම මුට්ටිය දැමීමය.අහිංසක අපි මහින්දගේ මුට්ටියක් බලාපොරොත්තුවෙන් සිටීම හැර වෙන මොකක් කරන්නද?





මම ආණ්ඩු විරෝධියෙක් නම් නොවෙමි.

අද පිටපත මිස්ටර් සබන් බොලෙ

Categories:

Leave a Reply