Contact

Name

Email *

Message *

චන්දෙ දෙන්නේ කාටද?

මේ දවස් වල හුගක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි චන්දෙ දෙන්නේ කාටද කියන එක.ඔක්කොම එකයි.චන්ද කාලේදී අපිට වැඳගෙන ඇවිල්ලා දිනුවට පස්සේ හොයන්නවත් නැහැ.එකට හොදම උදාහරණයක් මේ දවස් වල වෙබ් සයිට් වල ගියා.ඒ තමයි දකුණු පළාත් සභා මන්ත්‍රී අනර්කලී ආකර්ෂා.මෙයා චන්දෙන් පස්සේ පේන්නවත් හිටියේ නෑලු.පඩිය ගන්න විතරක් ආවලු.එක පාරටම පළාත් සහාව විසිරුවා හරියට පස්සේ නින්දෙන් ඇහැරුනා වගේ ඇවිල්ලා කුඹුරක් පේන තෙක් මානෙක නැති ගමකට උදලු දීලා ගියාලු.අනේ මන්දා මේවා කාට කියන්නද කියලා.රට පුරාම තත්වේ ඕකයි.චන්දෙ දෙන්න එකෙක් නෑ


එත් ඉතින් මෙහෙම කියලා චන්දෙ නොදී ඉඳලා හරියනවයි.චන්දෙ දුන්නත් අපි පරාදයි චන්දෙ නොදුන්නත් අපි පරාදයි.ඒක කොහොමද වෙන්නේ කියලා අපි බලමු.අපි චන්දෙ දෙන්නේ නැතුව හිටියොත් අපේ චන්දෙ අහෝසි වෙනවා.එක්කෝ අපි චන්ද පොලට ගිහිල්ලා චන්ද පත්‍රිකාවේ විකාරයක් ලියලා ආවොත් අපේ චන්දෙ අවලංගු වෙනවා.ඉතින් මෙහෙම උනොත් ජයග්‍රාහකයා තීරණය වෙන්න අපේ චන්දෙ බලපාන්නේ නැහැ.ඒ කියන්නේ අපි කැමති එකා කොහොමටවත් දිනන්නේ නැහැ.අන්න එක නිසා අපේ චන්දෙ නිවැරදිව දාන එක හුගක් වැදගත්.


කොහොමත් අපේක්ෂකයෝ ටික පෝස්ටර් ගහලා මීටින් තියලා කටවුට් ගහලා දන්සල් දීලා ටකරන් බෙදලා සමහර අපේක්ෂකයෝ කුඩු පැකට්,අරක්කෝ බෝතල් දීලත් චන්ද ව්‍යාපාරේ කරගෙන යනවනේ.ඔහොම යනකොට චන්ද කීයක් හරි එකතු වෙනවනේ.ඉතින් එහෙම එකතු වෙන චන්ද එකතු වෙන්නේ හුගක් වෙලාවට දේශපාලන ශාක්ෂරතාවය අඩු මිනිස්සුන්ගෙන්.ඒ කියන්නේ චන්දෙ වටිනාකම හරියට දන්නේ නැති අයගෙන්.ඉතින් උගත් බුද්ධිමත් ඔයා ඔයාගේ චන්දෙ හරියට පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවා කියන්නේ අර මෝඩ මිනිස්සුන්ගේ කැමැත්තට  ඔයාව පාලනය කරන්න කෙනෙක්ව පත් කර ගන්නවා කියන එක.ඉතින් එක නිසා මේ පාර චන්දෙ අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න.


දැන් බලමු කොහොමද චන්දෙ පාවිච්චි කරන්නේ කියලා.ඔක්කොම ඉන්නේ හොරු තමයි.එකට ඉතින් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැනේ.ඔයා මේ පළාත් සැබෑ චන්දෙදි තෝරාගන්නේ ඔයාලගේ පළාත පාලනය කරන්න සුදුසු කට්ටියව.එක නිසා පාට පක්ෂ වලට කොටු වෙලා ඉන්නේ නැතුව හොදට හිතලා බලන්න කවුද ඔයාගේ පලාතට වැඩියෙන්ම වැඩ කලේ,කවුද චන්ද කාලේදී වගේම චන්දෙ නැති කාල වලදීත් ඔයාල වෙනුවෙන් පෙනී සිටියේ කියලා.අලුත් කෙනෙක් නම් කොහොමද එයාගේ චරිතේ,කොහොමද එයාගේ නායකත්ව ගුණාංග,කොහොමද එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ මෙන්න මේ කියන ඒවාට චන්දෙ දෙන්න එහෙම නැතුව සල්ලි තියෙනවටවත් බලය තියෙනවටවත් දේශපාලකයෙක්ගේ සමීප ඥාතියෙක් නිසාවත් චන්දෙ දෙන්න එපා.මෙන්න මෙහෙම කල්පනා කරලා බුද්ධිමත් තීරණයක් ගත්තොත් ඉතුරු අවුරුදු පහේදී තමන් ගත්ත තීරණය ගැන දුක් වෙන්න වෙන එකක් නැහැ


ගිය පාර්ලිමේන්තු මැතිවරනේදී එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසුරිය මන්ත්‍රීතුමාට වඩා උපේක්ෂා ස්වර්ණමාලි මනාප වැඩියෙන් ගත්තා.අන්න ඒකයි මේ ලිපිය ලියන්න හේතු උනේ


අද පිටපත මිස්ටර් සබන් බෝලෙ

Categories:

Leave a Reply