Contact

Name

Email *

Message *

අහවල් එක නලලේද?

මේ කතාව ලියන්න හිතුනේ ගයේෂා පෙරේරා දෙරණේ වාද පිටියට ඇවිල්ලා කියපු කතාවක් මතක් වෙලා එයා කියනවා "ලංකාව ලිංගික කුහකත්වය පිරුණු රටක්" කියලා.මෙයා මෙහෙම කියන හේතුව නම් මට හරියටම තේරෙන්නේ නැහැ.එත් මට හිතෙන්නේ කාන්තාවන්ට පිරිමින්ට හා සම තැන නොලැබෙන්නේ ලිංගිකත්වය කියන සාධකය නිසා කියලා මෙයා අදහස් කරනවා ඇති.එකට හේතුව මේ රටේ කාන්තාව අධිනිශ්චය වෙලා තියෙන එක.අන්න ඒක නිසා තමයි මෙයා මේ කියන ලිංගික කුහකත්වය ඇති වෙලා තියෙන්නේ.


ඊලගට බලමු සමාජය තුළ කාන්තාව අධිනිශ්චය වන්නේ කොහොමද කියලා.එකට ප්‍රධානතම හේතුව තමයි අපේ සංස්කෘතිය.අපේ සංස්කෘතියට අනුව සමාජයේ පුර්ෂයන්ට වගේම කාන්තාවටත් විශේෂිත වූ කාර්යයන් වෙන් වෙලා තිබුනා.ඒ කියන්නේ පුර්ශයගේ වැඩේ කාන්තාවවත් කාන්තාවගේ වැඩේ පුර්ෂයවත් කලේ නෑ.මෙන්න මේ නිසා දැන් කාන්තාවන් කියන්නා වූ සම තැන ලැබුනේ නෑ.අපේ රටත් බටහිර රටවල් සමග එකතු වීමත් සමගම බටහිර සංකල්ප සමාජයට මුසු උනා.මේ නිසා දැන් වෙනකොට පිරිමි සමග කරට කර කාන්තාව බොහෝ වැඩ කරනවා.


අනිත් කරුණ මේ මතය සමාජයට ඇතුල් වෙන්න ලංකාවේ නීතියත් සෑහෙන්න කාර්යභාර්යයක් කරලා තියෙනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉදලා පොඩි පොඩි අනු නීති වෙනකම්ම නීතියේ විවිධ තැන් වලදී කාන්තාවට විශේෂයෙන් සලකලා තියෙනවා.අනිත් කාරනේට හේතු වෙන්න අපිම තමා.පිරිමින් කාන්තාවන්ට තියෙන ආකර්ෂණය පෙන්නනවා.එත් කාන්තාවන් ඒ හැගීම එලියට දාන්නේ නැහැ.


බොහෝ වෙලාවට කාන්තාව අධිනිශ්චය වන්නේ ලිංගිකත්වය කියන කාරණයේදී.මොකද ගණිකා වෘතියේ 99%  සිටින්නේ කාන්තාවන්.කාන්තාවගේ ලිංගේන්ද්‍රියට වැඩි වටිනාකමක් හිමි වෙලා තියෙනවා.මෙන්න මේ නිසා තමයි නදීෂා පෙරේරා කියන ජනප්‍රිය නිළිය කියලා තිබුනේ ගණිකා වෘතීය නැති උනොත් ලංකාවේ පිරිමින්ට පිස්සු හැදෙයි කියලා.අන්න එවැනි මතයක් රටේ තියෙනවා.මේ මතය ගෑනු ළමයි ලගත් තියෙනවා.එයාල හිතන්නේ කෙල්ලෝ නැති උනොත් කොල්ලෝ ඉදලා හමාරයි කියලා.මෙන්න මේ ආඩම්බර කම නිසා තමයි කොල්ලෝ කෙල්ලන්ගෙන් අහන්නේ අහවල් එක නලලෙද කියලා.


ඉතින් අපි බලමු මේ අධිනිශ්චය වීම කොච්චර දුරට සාධාරණද කියලා.ආදරය කියන හැගීමට සීමා මායිම් නැහැ.නමුත් ගෑනු ළමයින්ගේ මතයක් තියෙනවනේ ආදරේ ප්‍රකාශ කරන්න ඕනේ කොල්ලෝ කියලා.ඉතින් කොච්චර කැමැත්තෙන් හිටියත් කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවොත් ඒ නම් බොහොම කලාතුරකින් තමා.ලිංගිකත්වයේදීත් ඔහොමයි පිරිමින්ට විතරක් නෙවෙයි ලිංගික ආශ්වාදය කාන්තාවටත් අවශ්‍යයි එත් ඒක ඉල්ලන්න කාන්තාව පෙලබෙන්නේ නැහැ.අන්න එක නිසා තමයි පුර්ෂ ගණිකා නිවාස ලංකාවේ අඩු.එත් අද වෙනකොට කොළඹ  ලිංගික සංසර්ගය සඳහා පුර්ෂයන් කුලියට දෙන තැන් තියෙනවා.සුපිරි හෝටල් වල කාන්තාවන්ටම පමණක් වෙන් වූ නිරුවත් සාද තියෙනවා.ඒ කියන්නේ වර්තමානයේ කාන්තාවන් අතරට ලිංගික අවපාතයක් ඇති වෙලා කියන එකද? නිල් චිත්‍රපටි බලන්නේ පිරිමි විතරද? නිල් ච්ත්‍රපටි බලන්න විතරක් නෙවෙයි දැන් කාන්තාවෝ නිල් චිත්‍රපටි වල රඟපාන්නත් ඉදිරිපත් වෙනවා.ඉස්සර නම් අහන්න ලැබුනේ ස්ත්‍රී දුෂණ එත් ඊයේ පෙරේදා කාන්තාවක් පුද්ගලයෙක්ට බලහත්කාරකමක් කළා කියලා අහන්න ලැබුනා.අද හුගක් අංශ වලදී කාන්තාව වෙළඳ භාණ්ඩයක් වෙලා.අද බොහෝ අවස්ථා වල කාන්තාව කාමුක හැගීම් ඉදිරිපත් කරන්න යොදාගෙන තියෙනවා .ඉස්සර අම්මලා තමන්ගේ දුවව බන්දලා දෙන්න හෙව්වේ හොද පිරිමි ළමයෙක්ව.එත් දැන් අම්මලා තමන්ගේ පුතාට හොයන්නේ හොද ගැහැණු ළමයෙක්ව.මේ තරමටම සමාජය අද වෙනස් වෙලා.මේ හැමදේටම හොද සහයක් අපේ කාන්තා පරපුරෙන් ලැබෙනවා.අද පාරක යනකොට ඕන තරම් දකින්න ලැබෙනවා ඇදුම් අඩුවෙන් ඇදන් යන කාන්තාවන්ව.තමන්ගේ වටිනාකම් ගැන සලකන්නේ නැතුව කාන්තාව විකිනෙනවා.


අපේ සංස්කෘතිය තුල කාන්තාවට තමයි වැදගත්ම තැනක් හිමි උනේ."ගෙදර බුදුන් අම්මා" කියලයි කිව්වේ.තාත්තට ඒ තැන හම්බුනේ නැහැ ඒ නිසා තමයි ටී.එම් ජයරත්න මහත්තයා අහන්නේ "අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ" කියලා.පෙරදිග සමාජයේ කාන්තාවට වැදගත්ම තැනක් ලැබුනා.මේකෙන් පේන්නේ දැන් වගේම අතීතයේදීත් කාන්තාව අධිනිශ්චය උනා.එත් එදා කාන්තාව අධිනිශ්චය උනේ ගුණාත්මකභාවය කියන සාධකය මත දැන් තත්වය හාත්පසින්ම වෙනස් දැන් කාන්තාව අධිනිශ්චය වෙලා තියෙන්නේ ලිංගිකත්වය කියන කාරනාව මත.


ඉතින් ආදරණීය සහෝදරියනේ බටහිරින් අපිට ලැබෙන සියලු දේම අදාළ කරගන්නකොට ටිකක් හිතන්න වෙනවා අපි ඒවා නිසා නැති කර ගන්න යන්නේ මොනවද කියලා.


මේ ලිපියෙන් කිසිම අයෙකුගේ සිත් රිදවීමට අදහස් නොකලෙමි .
සමහර විකෘති කාමාශාවන් තියෙන පිරිමි කාන්තාවන්ට සිදු කරන ක්‍රියා පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.


අද පිටපත මිස්ටර් සබන් බෝලෙ

Categories:

Leave a Reply