Contact

Name

Email *

Message *

නිර්මාංශ ප්‍රශ්ණය


හුඟක් දෙනෙක් අහනවා ඇයි මම නිර්මාංශ උනේ කියලා. සමහරු කියනවා මස් මාළු කෑවට පවු සිද්ධ වෙන්නේ නැහැ කියලා. තව සමහරු කියනවා මස් මාළු කන්න හොඳ නැහැ පවු සිද්ධ වෙනවා කියලා. තව ටික දෙනෙක් කියනවා මස් මාළු කෑම ජීවත් වෙන්න අවශ්‍යමයි, මොකද ඒකෙන් ලැබෙන පෝෂණ කොටස් ශරීරයට අත්‍යවශ්‍යයි කියල. තවත් අය කියනවා පිස්සෙක් වගේ බොරු වැඩ නොකර මස් මාළු කාපන් බන් කියලා....ඔන්න ඔහොම එක එක අය එක එක දේවල් කියද්දී මට හිතුනා ඇයි මම මස් කන එක නැවැත්තුවේ කියල කියන්න. 

මම මස් මාළු කන්නේ නැත්තේ මගේ රසවින්දනය සඳහා තව කෙනෙක්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරන්න ඕනේ නැහැ කියල හිතුනු නිසා. මම හුඟක් මස් මාළු කාපු කෙනෙක්. වෙල් මාළු දඩ මස් වගේ දේවල් ගොඩක් කාපු කෙනෙක්. මාළු අල්ලනවා සත්තු මරනවා එහෙම බලන් ඉදපු කෙනෙක්. දවස් කිහිපයක් වෙල් මාළු අල්ලන්නත් ගියා. ඉතින් මට මොකද එක පාරටම හිතුනේ වෙජිටේරියන් වෙන්න. මම වෙජිටේරියන් උනේ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ ජීවිතය පුජා කරපු දවසේ. හුගක් අය ඒ සිද්ධිය ගැන එක එක විදිහට කතා කලාට මට නම් හිතුනේ වෙනම දෙයක්. මේ ලෝකේ මිනිස්සු තමන්ගේ දියුණුව වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. අනුන් වෙනුවෙන් යම් කැප කිරීමක් කරන්නේ බොහොම සුළු පිරිසක්. එයිනුත් සමහරක් යටි අරමුණු තියාගෙන. ඉතින් මට නම් මේ අහිංසක සත්තුන්ගේ ජීවිත වෙනුවෙන් ජීවිතේ දුන්නු ඉන්ද්‍රරතන හාමුදුරුවන්ව පෙනුනේ වීරයෙක් වගේ. මම කල්පනා කළා ඇයි මේ හාමුදුරුවෝ හරක් මරන්න එපා කියලා ජිවිතේ පුජා කලේ. මොකද්ද මේ හරකගෙ තියෙන ඔච්චර වටිනාකම. ඔහොම කල්පනා කරගෙන යනකොට මට හිතුනා ඇයි අපි හරක් මරන්නේ කියලා. අපි හරක් මරන්නේ අපේ ආහාරයට. අපිට කන්න ඕන තරම් කෑම තියෙද්දී. ඔන්න ඔතනදි තමයි මට හිතුනේ මගේ ජීවිතේ පවත්වාගෙන යන්න මම ආයේ තව කෙනෙක්ගේ ජීවිතේ නැති කරන්න දායක වෙන්නේ නැහැ කියලා.

සමහරු කියනවා මස් කෑවට පවු සිද්ද වෙන්නේ නැහැ කියලා. බුදු හාමුදුරුවොත් මස් වැළඳුවා කියලා. එහෙම එකේ අපි මස් කෑවම මොකද කියලා. අපි ඔය පින පව කියන කතන්දරේ අයින් කරලා දාමුකෝ. අපි හැමෝටම තේරෙන බාසාවෙන් කිව්වොත් සත්තු මරනකොට සත්තුන්ට වේදනාවක් දැනෙනවා කියන එක හැමෝම පිළිගන්නවනේ. සත්තුත් මරණයට බයයි කියන එකත් පිළිගන්නවනේ. මම දන්නා තරමින් අපේ රටේ ආහාරය සඳහා සර්පයෝ මරන්නේ නැහැ. නමුත් එහෙම ආහාරය සඳහා සර්පයෝ ගන්න රටවල් තියෙනවා. එතකොට ඒ රටවල් වල ඉන්න සර්පයෝන්ගේ ජිවිත නැති වෙන්නයි අපේ රටේ ඉන්න සර්පයෝන්ගේ ජීවිතේ ඉතුරු වෙන්නයි ප්‍රධානතම හේතුව සර්පයන් ආහාරයට ගැනීම කියන සාධකය.හරි ඔන්න දැන් තමයි ප්‍රශ්නේ. හුගක් අයට හිතෙන දෙයක් තමයි "මම නොකෑවා කියලා සත්තු මැරෙන එක නවතින්නේ නැහැනේ" කියන එක. ඔයා හිතන්නකෝ මිනිස්සු 4 දෙනෙක් ඉන්න පවුලක් ඉන්නවා. ඒ පවුලේ අය සතියකට කුකුල්ලු 4 දෙනෙක් මරනවා ආහාරය වෙනුවෙන්. ඔහොම ටික කාලයක් යනකොට එක මනුස්සයෙක් නිර්මාංශ වෙනවා. එදා ඉදලා ඒ පවුල සතියකට ගේන්නේ කුකුල්ලු 3 දෙනයි. එතකොට අර එක මනුස්සයෙක් වෙජිටේරියන් උන නිසා සතියකට කුකුලෙක්ට අභයදානය ලැබෙනවා. ඔන්න ඔය වගේ තමා. අපි එක එක්කෙනා හරි නිර්මාංශ උනොත් ඒක තවත් සතෙක්ට ජීවිත දානය ලැබෙන්න හේතුවක් වෙනවා.

ඉතින් අනිත් මිනිස්සු හැදෙනකන් ඉන්නේ නැතුව අපි හැදෙමු. මේ රටේ ඕන තරම් ගහ කොළ තියෙනවා. අපිට මස් මාංශ නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. එකට හොදම උදාහරණය තමයි මරදන්කඩවල යකඩයා. ඒ සියට රේල් පිලි නවන්න ශක්තිය ලැබිලා තියෙන්නේ මස මාළු කාල නෙවෙයි. ඒ සියා ජීවිතේටම මස් මාළු කාලා නෑ. සත්තුන්ව මරණින් නිදහස් කරගන්න ඕනේ කම තියෙනවා නම් කරන්න ඕනේ සල්ලි වියදම් කරලා හරක් නිදහස් කරන එක නෙවෙයි නිර්මාංශ වෙන එක. මුලින් මුලින් ටිකක් අමාරු වෙයි. නමුත් ටික කාලයක් යනකොට සතුටු හිතෙයි මම මේ කාලේ ඇතුලත මගේ රසවින්දනයට කියලා සත්තුන්ගේ ජිවිතේ නැති කරන්න දායක වෙලා නැහැනේ කියලා. මට උනත් තවමත් මස් මාලු වල සුවද එනකොට කටට කෙල උනනවා. එත් අර සතුට නිසා ඒ ආශාව යටපත් වෙනවා.

කොහොම උනත් නායකයෙක්ගේ මුලිකම වගකීම තමන්ගේ යටත් පිරිසෙහි ජීවිතය ආරක්ෂා කර දීම. මේ ලෝකේ නායකයෝ අපි. අපිට තරම් හිතීමේ ශක්තියක් කාටවත් නැහැ. මිනිස්සු වෙච්ච අපිට තේරෙන්නේ නැත්නම් අපි නිසා සත්තු මැරෙනවා කියලා. ජිවිතේ ගැටගහගන්න මිනිහෙක්ගේ ලේ උරා බොන මදුරුවෙක්ගේ ජිවිතේ චප්ප කරලා විනාස කරන්න කාටවත්ම අයිතියක් නැහැ. ඉතින් හිතලා බලන්නකෝ අපි කරන මේ වැඩේ හරිද කියලා.

අම්මගෙන් කුණු බැනුම් අසමින් පාඩම් කරන වෙලාවේ අද පිටපත ලිව්වේ කලින් එකාම තමයි.
මිස්ටර් සබන් බෝලෙ

Categories:

7 Responses so far.

  1. Unknown says:

    අදයි මේ පැත්තට අාවේ............. කැම්පස් සින්ඩියෙන් තමයි පාර අහගත්තේ............ දිගට ම ලියන්න.. අපිත් ඒනවා හැමදාම..........

  2. අනේ මන්ද බං මට කුණු රහට මොකුත් නැතුව උගුර පල්ලෙහාට දාගන්ඩ බැ

  3. Unknown says:

    @අටම්පහුර මටත් ඕකම තමා අයියණ්ඩි සුවද එනකොට කටට කෙල උනනවා.

    @කුරුටු ගෑ ගී පවුර බොහෝම ස්තුතියි සහෝ ඔයාලගේ වචන තමා අපිව ඉස්සරහට ගෙනියන්නේ (y)

  4. gayathri says:

    මමත් නිර්මාංශික. මම හිතන්නෙත් මේ විදියටමයි.බුදු හාමුදුරුවො කීවා නොකීවා, අපි හැමෝටම උසස් මනස් ඇති මිනිසුන් ලෙස හරි වැරැද්ද තේරුම් ගැනීමට හැකි විය යුතුයි.
    මුහුදේ මාලු පැටවුන් අම්මා ලඟින්ම පීනන්නේ, අම්මාට ඇති ආදරය නිසයි. වැස්ස වෙලාවට කිකිලිය පැටවුන් පියාපත යටට ගන්නවා මා දැක තියෙනවා. ඒ මව් සෙනෙහසයි.
    පූසිගෙ, බැල්ලිගෙ පැටව් ටික පාරෙ ගිහින් දාන්නෙත්, අපේ පැටව් පුලුං කොට්ටෙ තියාගෙන හුරතල් කරන්නෙත් උසස් මනස් ඇති මිනිස් වර්ගයා.
    මෝඩ මිනිසා නොහිතුවාට සතුන්ට හොඳින් දේවල් තේරෙනවා. මගේ අම්මා , මගේ දරුවා මරන්න හදන්නේ කියල දැනෙනකොට, ඒකට විරුද්දව සටන් කරන්න බැරි නිසා කොයි තරම් ඔවුන් අසරන වෙනවාද?
    දිවේ තියන රසාංකුරවල ලේ , පිළී රසට තියන ආසව ඉක්මවා යන්න තරම් ආත්ම ශක්තියක් ( විල් පවර් ) තිබේ නම් කිසිවකු අනිත් අහිංසක සතුන් මරමින්, කමින් , තව පැය ගනනකින් ඒ මව්, දරු සෙනෙහස ටොයිලට් එකේ මලපහ බවට පත් නොකරනු ඇතැයි බව මට හිතෙනවා.

  5. මමත් කාලයක් ඕක නවත්තල හිටිය. කොහෙද ඉතිං පවට පින දෙන්න බෑ කියනවනේ. ඇත්තටම ඕක මතයක් විදියට ඉස්සරහට ගියොත් සමාජයට ලොකු සෙතක් වෙයි. හැබැයි පුතෝ ලොකු ලොකු කන තැන් වලට ගිහිං පින්තූර අරන් ෆේස් බුක් දාන එවුන්ට නම් ඕක කරන්න හම්බවෙන්නේ නෑ කවදාවත්. එ පොටෝ වල කුකුල් කකුලක් එහෙම නැත්තං ගතියක් එන්නේ නෑ ලුනේ.

  6. Dinesh says:

    කන නොකන එක තමන්ගේ කැමත්ත වගේම තමන්ගේ ප්‍රතිපත්තිය.. මමත් ටික කාලෙකට කලින් නැවැත්තුවා.. පස්සේ ආයෙම මමම පටන් ගත්තා..

  7. ඉන්දරතන හාමුදුරුවෝ පාරමිතාවක් පුරපු උත්තමයෙක් කියලයි මමත් හිතන්නෙ. ඒ උනත් ඔබ මෙන් නිර්මාංශ වීමට තරම් තවම මම දියුණු නැහැ.

Leave a Reply