Contact

Name

Email *

Message *

ෆේස් බුක් නිසා මරණය හිමි වූ දැරිය

ලංකාව ආසියාවේ ආශ්චර්ය කිරීමේදී මුල් තැන දෙන කරුණු 05ක් මහින්ද චින්තන ඉදිරි දැක්මෙහි අන්තර්ගතය.එයිනුත් ආසියාවේ තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රස්ථානය ලංකාව බවට පත් කිරීම තරුණ අපිට ඉතා වැදගත්ය.සමාජ ජාල වෙබ් අඩවි පරිශීලනය දැන් එන්න එන්නම දියුණු වෙමින් පවතී.මීට සාපේක්ෂව ඒහා සම්භන්ධ ගැටළුද නිර්මාණය වෙමින් පවතී.මව්බිම පත්තරය කියවද්දී දුටු එක්තරා සිද්ධියක් නිසා මේ ලිපිය ලියන්නට සිතුනි.


වයස අවුරුදු 15ක පාසල් ශිෂ්‍යාවකගේ පාසල් නිළ ඇදුමින් සිටින පින්තුරයක් ෆේස්බුක් හී පලවීම නිසා පාසලේ ගුරුමණ්ඩලයෙන් වූ බලපෑම ඉවසා ගත නොහැකිව එම දැරිය ගෙල වැලලාගෙන දිවි නසා ගැනීම ඉහත කී සිද්ධියයි.මේ පිළිබද සිතා බැලීමේදී කාරනා කිහිපයක් පිලිබදව සිත යොමු කල යුතු බව සිතේ.
පළමු කාරණය නම් මෙම පින්තුරය මුහුනුපොතට දමා ඇත්තේ මෙම නැගණිය නොවේ .තවද එසේ මුහුණු පොතට දැමීමට යොමුකර ඇත්තේද මෙම නැගණිය නොවේ.ඒ බව ඇය අවසාන වශයෙන් ලියා තිබුණු ලිපිය කියවා බැලීමේදී ප්‍රත්‍යක්ෂ වේ.එබැවින් මෙම කාරණයේදී ඇය කෙරෙහි වූ වරද මහත් කොට සැලකිය නොහැක.ඕනෑම අයෙකු පාසල් කාලය සිහි වීම පිණිස පාසල් නිල ඇදුම ඇද ජායාරුප ගැනීම සිදු කරනු ලබයි.එය මාද සිදු කර ඇත්තෙමි.එම නිසා එය සාමාන්‍ය දෙයකි.


අනෙක් කරුණ වන්නේ දිවි නසා ගැනීමට වෙනත් හේතුවක් නොමැති වීමයි.මන්ද යත් මෙම සහෝදරිය පාසයේ නැටුම්  තරඟ වලින් දක්ෂතා දැක්වූ පාසලේ බහුතර ගුරුවරියන්ගේ මෙන්ම සහෝදර සිසු සිසුවියන්ගේද ආදරය දිනා ගත් දැරියකි.තවද තම සාමාන්‍ය පෙළ විභාගයට හොදින් මුහුණ දීමට සුදානම් වෙමින් සිටි දැරියකි.තම පවුලට අසීමිත ලෙස ආදරය කල ඇයට  ලස්සන අනාගතයකට හිමිකම් කියන්නට හැකිව තිබිණි.තවද මෙහි දී දිවිනසා ගැනීමේ අරමුණ විමසා බැලිය යුතුය.ඇය දිවි නසාගෙන ඇත්තේ මෙවන් පීඩනයක් තවත් සහෝදරියකට සිදු නොකිරීමට ගුරුවරුන් පෙළඹවීමේ අරමුණිනි.


මෙම දැරිය මෙවන් තත්වයකට ඇද දැමීමට වගකිව යුත්තෝ කවරහුද?පළමුව මෙම දැරියගේ අවසරයකින් තොරව මෙම ජයාරූප මුහුණු පොතට දැමු පුද්ගලයා හා එයට උදවු කල තැනැත්තා වගකීම භාර ගත යුතුය.එසේ නොකළේ නම් මේ අහිංසක ජීවිතය අදටත් නිරුපද්‍රිතව පවතිනු ඇත.


දෙවනුව මෙවන් වූ කරුණකට මෙතරම් දඩුවමක් දුන් විදුහල්පති සහ ගුරුවරු වගකීම භාර ගත යුතුය.බාහිර දඩුවමකට වඩා මානසික වශයෙන් කරන දඩුවම බලවත්ය.මෙහිදීද දරුවාට සමාජයට මුහුණ දීමට නොහැකි වීම නිසා සිය දිවි හානි කර ගැනීමට පෙලබුනු බව පෙනේ.මුළු පාසලම ඉදිරියේ වේදිකාවට නංවා මෙම දැරියට බැනීමෙන් අනෙක් ළමයින් මෙවැනි දේවල් වලට පෙළඹීම සිදු නොවනු ඇතැයි විදුහල්පති වරයා සිතන්නට ඇත.එහෙත් එහිදී ඔහු සිදු නොකළ දෙය වන්නේ මේ දැරිය සත්‍ය වශයෙන්ම වරදකාරියක්ද යන්න සොයා බැලීමයි.විදුහල්පති දුරයක් ලැබෙනුයේ වසර ගණනාවක ගුරු වෘතියෙහි ඇති පළපුරුද්ද සලකා බලමිනි.එහෙත් මෙම විදුහල්පතිවරයා එලෙස පත් වුයේ කෙලෙසකදැයි සිතෙන්නේ හාවා අහස කඩා වැටෙනෝ යැයි කියමින් දිව්වාක් මෙන් මුල මැද අග නොබලා ප්‍රශ්න විසදීමට යාමෙනි.

මේ අවස්තාවේදී දැරියගේ තත්වය විදුහල්පතිවරයාට හා ගුරුවරුන්ට සිතන්නට තිබිණි.මැය අවුරුදු 15ක හුරුබුහුටි දැරියක් විනා තලතුනා ගැහැනියක් නොවේ.තවද මැය සාමාන්‍ය දැරියක මෙන් මව් සෙනෙහස ලබන දැරියක් නොවන බවද දැනගත යුතුය.මැය අපොස සාමාන්‍ය පෙළ විභාගයට සුදානම් වන සිසුවියකි.අනෙක මැය පාසලේ දක්ෂතා දක්වන සැමගේ ආදරයට ලක්වූ හොද ප්‍රතිරූපයක් හිමි අයෙකි.කිසිම පුද්ගලයකු මැගෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවේ.සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරියේ " වේසියක් " කියා ඇසීමද බලා පොරොත්තු නොවනු ඇත.වැනි අවස්තාවකදී නොකළ වරදකට පාසල ඉදිරියේ මෙලෙස හංවඩු ගැසීම 11 ශ්‍රේණියේ දරුවෙකුට තියා අපටද ඉවසා ගත නොහැකි දෙයකි


අප විසින් ගුරුවරුන් හදුන්වන්නේ දෙවැනි පියවරුන් සහ මවුවරුන් ලෙසයි එහෙයින් අප ගුරු මව/ගුරු පියා යැයි අමතනු ලබයි.ඕනෑම සිසුවකු ගුරුවරයාගෙන් බලාපොරොත්තු වන්නේ  අධ්‍යාපනයම  පමණක් නොවේ.තමන්ට යහළුවන් සේ සිටිමින් තමන්ගේ පුද්ගලික ප්‍රශ්න වුවද කථා කල හැකි වීම නිසා සමහර ගුරුවරුන් ළමයින්ගේ ආදරය දිනා ගනු අප දැක ඇත්තෙමු.සෑම  පාසලකම විශාල ගුරු මණ්ඩලයක් අතුරින් බොහෝ සිසුන්ගේ ආදරයට ගෞරවයට නිබඳව පාත්‍ර වන මෙවන් ගුරුවරු සිටී.අවාසනාවට කරුණ වන්නේ මෙසේ නොවන ගුරුවරුන්ද සිටීමයි.තමන්ගේ ගෙදර ප්‍රශ්න හිස මත තබාගෙන විත් සිසුවන්ට පහර දෙන ගුරුවරුන් ඕනා තරම් අප දැක ඇත්තෙමු.කැපී පෙනීම උදෙසා රව්ද්‍ර ප්‍රතිරූපයක් රඟ දක්වන ගුරුවරුන්ද අප දැක ඇත්තෙමු.මෙවැනි අයට අපට පැවසීමට ඇත්තේ තමන්ගේ පුද්ගලික ප්‍රශ්න පාසලේ ගේට්ටුවෙන් එපිට තබා විත් දරුවන්ට ආදරණීය ගුරුවරයෙක්/ගුරුවරියක් වන්නට කියා පමණි.ගුරුවරුන් තනන ගුරු අභ්‍යාස විද්‍යාල වලට පුහුණු වන ගුරුවරුන්ට ඉවසීම,නායකත්ව ලක්ෂණ,ප්‍රශ්න විසදන අන්දම මෙන්ම මනුස්සකමද පුහුණු කිරීමට සිදුවන දිනය වැඩි ඈතක නොවන බව මෙවැනි  සිද්ධීන්  වලින් පෙනී යයි.අවසන් වශයෙන් කියන්නට ඇත්තේ සමාජයේම වරදකින් අප අතරින් වෙන්වුණු නැගණියේ මතු සසරේදී මෙවන් අකල් මරණ සිදු නොවේවා.ඔබට නිවන් සැපම ලැබේවා.


මෙය සුවහසක් වූ ආදරණීය ගුරු මව්වරුන් පියවරුන් උදෙසා නොව ගුරුවර වේශයෙන් පැමිණෙන අමනයින් උදෙසා දැමූ ලිපියකි.


අද පිටපත මිස්ටර් සබන් බෝලෙ

Categories:

13 Responses so far.

  1. Unknown says:

    ඇත්ත සහෝදරා, අහිංසක ජීවිතයක් නිරපරාදේ නැති උනා. මේ වගේ දේවල් සිදු වීම හරිම අවාසනාවක්. ළමයෙකුට දඩුවමක් දෙන කොට එක ඒ ළමයට කොයි තරම් මානසිකව බලපානවද කියන එක ගැන හැමෝම හිතන්න ඕනේ...

    නංගියේ නුඹට නිවන් සුව.....!

  2. මේ ලෝකේ මිනිස්සු තමන් ගැන විතරයි බන් හිතන්නේ.තමන් කරන වැඩ වලින් අනිත් යට වෙන බලපෑම ගැන හිතන්නේ නැහැ.ඔන්න ඔය නිසාම තමා ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ

  3. මේ ප්‍රන්සිපල් එල්ලලා මරන්න ඕන. මුන්ට ප්‍රින්සිපල් කම දෙන උන්ටත් එච්චරම තමයි.. මේ බූරු ප්‍රින්සිපල්ලම තමයි.. මොන්ටිසෝරී යන මල් කැකුළු පවා ටී වී එකේ නටන්නයි සින්දු කියන්නයි එවන්නේ.. ඒ පාර ඉස්කෝලේ ඉස්සරහා බැනර් දාලා ඇස් ඇම් ඇස් කැම්පේන් කරන්නේ. ඊළඟට මහා ලොක්කෙක් වගේ අවසාන තරඟවලට එන්නේ. ඊට පස්සේ මල් මාල දාලා උත්සව තියලා මහා විශාල පිලිගැනීම් තියන්නේ.. මුන්ට දෙන්න ඕන රජ කාළේ දඬුවම්.. අනික මට්ට හරක් දෙමව්පියෝ..

    ඇත්තටම මම අර දරුවගෙ ලියුම කියෙව්වේ නෑ.. දරුවෝ කියන්නේ දරුවෝ.. වැඩිහිටියෝ කියන්නේ වැඩිහිටියෝ.. වැඩිහිටියේ මට්ට බූරූ ගොන් හරක් උනාම ඔහොම තමයි ඉතින්..

  4. මේ ප්‍රන්සිපල් එල්ලලා මරන්න ඕන. මුන්ට ප්‍රින්සිපල් කම දෙන උන්ටත් එච්චරම තමයි.. මේ බූරු ප්‍රින්සිපල්ලම තමයි.. මොන්ටිසෝරී යන මල් කැකුළු පවා ටී වී එකේ නටන්නයි සින්දු කියන්නයි එවන්නේ.. ඒ පාර ඉස්කෝලේ ඉස්සරහා බැනර් දාලා ඇස් ඇම් ඇස් කැම්පේන් කරන්නේ. ඊළඟට මහා ලොක්කෙක් වගේ අවසාන තරඟවලට එන්නේ. ඊට පස්සේ මල් මාල දාලා උත්සව තියලා මහා විශාල පිලිගැනීම් තියන්නේ.. මුන්ට දෙන්න ඕන රජ කාළේ දඬුවම්.. අනික මට්ට හරක් දෙමව්පියෝ..

    ඇත්තටම මම අර දරුවගෙ ලියුම කියෙව්වේ නෑ.. දරුවෝ කියන්නේ දරුවෝ.. වැඩිහිටියෝ කියන්නේ වැඩිහිටියෝ.. වැඩිහිටියේ මට්ට බූරූ ගොන් හරක් උනාම ඔහොම තමයි ඉතින්..

  5. ඕක සමාජ ක්‍රමයේ වැරද්දක්
    මේ සමාජයේ බුද්ධිමතුන්ට තැනක් නැහැ.
    උගතුන් කරපින්නාගෙන යන ගමනක් තියෙන්නේ.
    කොටින්ම කිව්වොත් හදවත පැත්තකට දාලා මොලෙන් විතරක් වැඩ කරන මිනිස්සු සමාජයටම ප්‍රශ්නයක් වෙලා

  6. එය යක්කු ගැන කතා කරල වැඩක් නැ , අද උදෙත් දරුවගේ ඉස්කෝලෙට ගිහිල්ලා වැඩේ ඉවරවෙනකං වත් නොයිද ආයේ ආවේ ඇගේ ලේ ටික පුච්චවාගන , අලුගුත්තේරු වැඩ කරකර මහ වෙන මම ලොකු ලයින් එකකින් ඉන්ඩ හදන්නේ , හරියට නිකං සර්ව සම්පූර්න මිනිස්සු වාගේ , හැබැයි තම්ගේ වැඩෙත් හරියට කරන්නේ නැ , ගුරුවරුන්ගේ පඩිය අඩ කරලා ඒ සල්ලි දෙන්ඩ ඕන පොලිසියේ කට්ටියට. උන්ගෙන් ඊට වඩා සෙතක් වෙනවා

  7. facebook යනවා කියන්නේ ගණිකා මඩමකට ගිය වගේ දෙයක් කියල ප්‍රින්සිපල් හිතන්න ඇති. ගුරුවරුත් එහෙම වෙන් ඇති. කොහොමත් ලංකාවේ ඇති බහුතරය තමන් ඉන්න ලිඳෙන් එපිට තියෙන්නේ මොනවාද කියල්ල බලන්නවත් හිතන්නවත් කැමති නෑ. එපිටින් දෙයක් ලිඳ ඇතුලට අවොත් එක හොඳද නරකද කියල බලන්නේ නෑ. එකට විරෝධය පානවා. එලියට කවුරුහරි යන්න හැදුවොත් ඌව කකුලෙන් අල්ලලා අදාල පහලට ගන්නවා. ඕක තමයි අපේ ආශ්චර්යය. අපිට දෙවි පිහිටයි.

  8. අපේ හුගක් මිනිස්සු හරිම කුහකයි.තමන්ගේ කාලේ තමන්ට නොලැබුණු දේවල් දකිනකොට ඉවසන් ඉන්න බැහැ.ලෝකේ අනිත් රටවල් වේගයෙන් ඉස්සරහට යනකොට අපේ රට එක තැනම පල වෙන්න ඕකත් ලොකු හේතුවක් වෙලා

  9. ඉස්සර අපේ ආදරය ගෞරවය කරපු වගේ ගුරුවරු දැන් නැහැ.තනිකරම ගුරු වෘතිය වෙළදාමක් බවට පත් වෙලා

  10. වැරදිකරුවන් පසෙක සිටියදී සම හරක් බලන්නේ ෆේස්බුකියට බැනීමටයි.ෆේස්බුක් සමාජ ජාලය කියන්නේ නිකම් සමාජ ශාලාවක් වගේ කියලයි,වැඩිහිටි පරම්පරාවෙ බහුතරයක් හිතන්නේ.
    ඊයෙ ජාතික රූපවහිනියෙ 8 ප්‍රවෘත්ති වලින් පසුව යන කෙටි විචාර වැඩහටනහනේදී සම්පූර්ණයෙන්ම වරද පැටවූවේ ෆේස්බුක් එකටයි!

  11. This comment has been removed by a blog administrator.
  12. අනේ මන්ද මේවා ඇහෙද්දී /දකිද්දී ......
    ඔය ගොන් විදුහල් පතිලට නේද හමුදා නම්බු නාම දීල තියෙන්නෙත්...?

  13. විදුහල්පති කියලා අමන මෝඩයෝයි.
    ගුරුවරු කියලා ගොන් බදින කණුයි ඉස්කෝල වලට පත් උනහම මෙහෙම තමා වෙන්නේ.
    ඔය බූරූ විදුහල්පතිට දුවෙක් හිටියනම්, ඒ දුවත් ඔය වැරැද්ද කලානම්, ඒ දුවගේ ඉස්කෝලේ විදුහල්පති ඔයවිදියේ දඩුවමක් දුන්නනම්.
    මේ විදුහල්පති මොනවා කරයිද?

Leave a Reply