Contact

Name

Email *

Message *

Boot නොකා Love කරන හැටි

අපි හැමෝම Love කරනවා Boot කනවා.Boot එකාක් නොකාපු  Love කරන කෙනෙක් හොයා ගන්නවත් නැහැ.එත් හිතුවද කවදාවත් Boot එකක් නොකා කොහොමද  Love කරන්නේ කියලා.නැහැ නේද? අපි Love කරන්නේ Boot එකක් කන්න බලාගෙන නෙවෙයිනේ.එත් ටික දවසක් යනකොට තමයි හිතෙන්නේ මේ යකා මට Match වෙන්නේ නැහැ කියලා ඔන්න ඉතින් Boot එක තියනවා.කොහොම උනත් මේකෙන් තේරෙන්නේ නම්  Love කරන කෙනා හොදද කියලා බලන්න ඕනේ Love කරන කොට නෙවෙයි Love කරන්න ගන්න කලින් කියන එකයි.

හුගක් අය කියන දෙයක්නේ "මම ඉක්මන් උනා වැඩියි බන්" කියලා.අන්න එතන තමයි ඔය ප්‍රශ්නෙට මුල ඉක්මන් කොටයි කියලා කියනවනේ.ඉතින් මේ වගේ දෙයක් ගැන තීරණයක් ගන්නකොට ඉක්මන් වෙලා හරියන්නේ නැහැ. ටිකක් හිතල බලන්න මෙන්න මේ විදියට.Love කරන අයගේ අන්තිම බලාපොරොත්තුව විවාහ වෙන එකනේ.වෙන වෙන බලාපොරොත්තුත් ඇති මේ කියන්නේ විවාහ වෙන එක අන්තිම බලාපොරොත්තුව කරගත්ත Love කරන අය ගැන.ඉතින් මොකද්ද මේ විවාහය කියන්නේ? ඇත්තම කිව්වොත් ඔය දෙන්නට ඔය දෙන්නව Sure නැහැ කියලා පොතේ ලියන එකනේ.නැත්නම් මොකටද පොත් වල ලියන්නේ ඔය දෙන්න කවදාවත් වෙන් වෙන්නේ නැහැ කියලා හිතේ තිබුනහම ඇතිනේ.මම නම් හිතන විදියට කෙනෙක් මුලින්ම කසාද බදින්නේ Love කරන්න පටන් ගත්ත දවසේ.එදා තමයි හිතෙන් කසාද බදින්නේ.සමාජමය කාරනා නිසා ඒ දෙන්නට එකට ඉන්න බැහැ තමයි.එත් හුගක් වෙලාවට Love කරන දෙන්නෙක් කොච්චර සමීප වෙනවද කියන එක Love කරන අයම දන්නවා.අනික සමාජයේ අහන්න දකින්න ලැබෙන දේවල් වලින් හිතා ගන්න පුළුවන් Love කරන අය තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ගැන කොච්චර විශ්වාසයක් තියනවද කියලා.ඉතින් ආදරේදී ඒ තියෙන විශ්වාසය බැන්දා කියලා වැඩි වෙනවද? නැහැනේ.එකෙන් තේරෙනවා බඳිනවා කියන එකට වඩා Love කරනවා කියන එකට හැගීම් කියන එක සම්භන්ධ වෙනවා කියලා.

හොදයි අපි ආයෙත් මුල් කාරනේට බහිමුකො.දැන් වෙන්නේ නම් කවුරු හරි තමන්ට හොදයි කියල හිතෙන කෙනෙක් එක්ක යාලු වෙලා එයාව ආශ්‍රය කරලා ටික කාලෙකින් තීරණය කරනවා එයාව බදිනවද නැත්නම් Boot එක තියනවද කියලා.හැබැයි සමහර වෙලාවට මේ තීරණය ගන්නකොට වැඩේ හුඟක් දුර ගිහිල්ලා වැඩියි.හුගක් වෙලාවට මේ ආදර වන්තයෝ හම්බෙන්නේ Bus වල Clz වල Fb එකේ වගේ තැන් වල.සමහර අය අනිත් කෙනාව දකින්නේ පලවෙනි වතාවට.

දැන් බලමු හුඟක් අය Love කරන්න කලින් කෙනෙක්ව හොදයිද කියලා බලන සාධක මොනවද කියලා.පලවෙනි කාරණේ ලස්සන,ඊට පස්සේ තමයි අනික් කාරනා.ගති ගුණ නම් එච්චර බලන්න වෙන්නේ නැහැ මොකද එයාව ආශ්‍රය කරන්න ලැබිලා නැහැනේ.මේ කාරනා වලින් ටිකක් බලලා ආදරේ කරන්න ගන්නවා."වැරදි තිබුනොත් පස්සේ හදාගන්න බැරියයි" කියල තමයි මුලින් හිතන්නේ.ඔහොම කියලා Love කරන්න අරගෙන අනිතිමට නහයෙන් අඩාගෙන එනවා.

ඉතින් Boot නොකා Love කරන්න ඕනේ නම් තමන්ට හොදයි කියලා දැනුනු කෙනාව ටික කාලයක් යනකන් හොදට අධ්‍යනය කරන්න එයා එක්ක කතා කරන්න.හැබැයි යාලුවෙක් විදියට.එයාගේ හොදම යාලුවෙක් වෙන්න.මොකද හුගක් අය තමන්ගේ සැබෑ ස්වරුපය පිට අයට පෙන්නේන්නේ නැහැ.එයාව ආශ්‍රය කරන්න හැබැයි Love කරන්න නම් යන්න එපා.හුගක් අය රඟපානවා කියලා ඔයා දන්නවනේ.ඒත් ඕනෙම කෙනෙක්ට මාසයක් දෙකක් රගපාන්න පුළුවන් වෙයි.ඒ නිසා එයාව මාස ගානක් ලගින්ම ආශ්‍රය කරන්න.එතකොට ඔයාට තේරේවි එයා බදින්න හොද කෙනෙක්ද කියලා.ඔයාවයි එයාවයි කොච්චර දුරට ගැලපෙනවද කියලා.සමහර විට ඔයාට එයාව හරියටම තේරුම් ගන්න හුගක් කල් ගතවෙන එකක් නැහැ.Love කරන ගමන් අනිත් කෙනාව තේරුම් ගන්න නම් ඉන්න එපා.Love කරන්න කලින් සතා මොකාද කියල දැනගන්න.එහෙම උනොත් ඔයාට Boot එකක් කාලා නාහෙන් අඩන්න වෙන එකක් නැහැ.

ආයෙත් කියන්නේ Love කරන ගමන් තේරුම් ගන්න ඉන්න එපා.මොකද Love කරනවා කියන්නේ හුගක් දේවල් අනිත් කෙනාට පරිත්‍යාග කරනවා කියලා.ඉතින් තමන්ට නැති උන දේවල් Affair එක Down උනාම ආයේ ගන්න බැහැනේ.ඒ නිසා Love කරන්න කලින් තේරුම් ගන්න තමන් Love කරන්නේ මොන වගේ කෙනෙක්ටද කියලා.

අද පිටපත් ලිව්වෙත් සබනා ම තමයි

Categories:

5 Responses so far.

  1. ඇත්ත තනි ඇහැට අඞෙනවා කරපු ගෙං කං මතක් වෙලා

  2. ගමනට ජය ,ලව් වගේම බූට් එකෙත් අමුතුම ජොලියක් තියෙනවා කියලා කතාවක් තියේනව නේ

  3. Unknown says:

    මොනා නැතත් හෙන ගහන්නා වගේ ඇත්ත කතා කතරන්වා..මටත් මේක හොඳ ආදර්ශයක්.

  4. යකෝ මෙකේ මං දාපු කමෙන්ටුව ඈ

  5. බුට් එකක් අමුතු ආතල් එකක් නේ (දුකට කියන කතා :v )

Leave a Reply